IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රෙදිපිළි-ඖෂධ කර්මාන්තයට බංග්ලාදේශයට ආරාධනාවක්

 (යොහාන් භාසුර)

 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව   බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන්  මහතා සමග ජකර්තාහිදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

එසේම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට මෙරට එම  ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (11)

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයට බංග්ලාදේශයට ආරාධනාවක්

kamal Tuesday, 16 November 2021 09:51 AM

අයියෝ අපි කරගත්ත දියුණුවක මහත.

:       0       0

sharm warn Tuesday, 16 November 2021 10:00 AM

දයාවන්ත බතික් ඇමති හා කිව්වද එයාගේ ඒරියා එකට අත පොවනවට.?

:       0       0

Ruhunu Tuesday, 16 November 2021 10:14 AM

මේ පාර අපිට ඇඳුනුත් නැතිව තමයි ඉන්න වෙන්නේ...

:       0       0

Hafeel Tuesday, 16 November 2021 10:48 AM

එහෙම ඖෂධ සහ රෙදිපිළි හලාල්ද නැද්ද කියලා තහවුරු කරගන්න. මොකද්ද බංග්ලාදේශය ඇවිල්ලා මුස්ලිම් රටක්... වඳ ඖෂධ හෝ වඳ රෙදිපිළි එහෙම වෙළඳ පළට අාවොත් තවත් ලෙඩක්. ඡන්ද සමයේ මෙයා තමයි වඳකතා කරළියට ගෙනාවේ. දැන් මෙයාටත් ගම්මන්පිලටත් සිදු වුණා මුස්ලිම් රටවල්වලින් උදව් ගන්න. අනික මේ දෙදෙනාම අද මේ ආණ්ඩුව තුළ බාල්දුවෙලා ඉන්නේ. කළ දේ පල දේ....

:       0       2

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 16 November 2021 11:52 AM

හොර මැරකම් කරන්නෙ නැතිව...වංචා දුෂණ කරන්නෙ නැතිව...මහජනතාවගෙන් අයකරගන්න බදු මුදල් නාස්තියෙන්, අනවශ්‍ය දුෂණයෙන් තොරව නිසි කලමණාකාරිත්වයක් යටතෙ නිවැරදි විදිහට රටේ සංවර්ධනයට යෙදෙව්වනම් සිංගප්පූරුව කෙසේවෙතත් අද අපට බංගලි දේශය තරම්වත් දියුණුවක් ලබන්න තිබුණ.... මේවට තමා කියන්නෙ දෛවයෙ සරදම් කියල...මෙතුවක් කල් රට කරවපු අයගෙ හපන්කම් හින්ද දැන් ඉතිං අතේ සතෙත් නෑ ...රටට ඩොලරුත් නෑ...එක එක්කෙනා ගාවට වැද වැද හිගාකන තත්ත්වයට පත් වෙලා...

:       1       6

යෝගා Tuesday, 16 November 2021 12:08 PM

වෙන රටක් ඇත්තෙම නැද්ද

:       3       6

Bamunuarachchi Tuesday, 16 November 2021 12:53 PM

මේවට දෙකොනින් හිනාවෙන්න ඕනේ විතරක් නොවෙයි ජෙප්ප්න්ව පට්ට හගන්න ඕනේ. 1989 කාලේ මම පුදගලිකව දන්නා විජාතික රෙදිපිළි නිෂ්පාදන ආයතනයක අයිතිකරු දැනගසවල වෙඩි තිබ්බේ. ඔවුන් කර්මාන්ත අකුලාගෙන බංගලි දේශයට ගියා ඉසේල්ලම කෙළවුණේ ඒ පළාතේ ජෙප්පන්ට. ඒ ගැන සන්තෝසයක් ඇති උනා නමුත් රටට විශාල පාඩුවක් සිදු උනා. දැන් අපි බනගලියෝ ගාවට යනවා රෙදිපිළි කරමාන්තය නගා සිටවන්න.

:       11       4

gampilaTuesday, 16 November 2021 01:37 PM

අනේ නිකන් නොදන්න මගුල් කියවන්නේ නැතුව ඉන්න

:       1       8

BamunuarachchiWednesday, 17 November 2021 08:04 AM

ජෙප්පෙකුට තදවෙලා වගේ ඔයා දන්නා දේ කියන්නකෝ.

:       0       0

Prabha Tuesday, 16 November 2021 03:03 PM

ජේ.වී.පී එකට බැන බැන ඉමු .එතකොට රට ගොඩ ඒවි

:       0       3

BamunuarachchiWednesday, 17 November 2021 12:01 PM

බනින්න වෙන්නේ නැහැ ප්‍රේමදාසට අසු උනානම්. ඉතිරි වෙච්ච ජෙප්පෝ කාබාසිනියා කර්මාන්තය නැවත පටන් අරන්. ගොබ්බයො හිතන්නේ අනිකාගේ වැරදි පෙන්වීම මේගොල්ලන්ට හරියට කරන්න පුළුවන් කියලා. ක්‍රිකට් මැච් එකක අම්පයර්ලා වගේ තමයි. අනිකාගේ බෝලින් වල වැරදි පෙන්නුවාට අම්පයර්ලාට බෝල් කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site