
(ඩයනා උදයංගනී)
රාජ්‍ය මාධ්‍යවලට, පෞද්ගලික නාලිකා කරන සියල්ල කළ නොහැකි නමුත්, ඔවුන් පවතින සීමා තුළ නූතනත්වයේ අභියෝගයන් භාරගෙන ඉදිරියට යා යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
නූතන ඉලක්ක හඹා යා යුතු බව කී ඇමතිවරයා රාජ්‍ය මාධ්‍ය අපිට තිබෙන්නේ සංවර්ධන පුවත් පමණක් බවට වන රාමුවක් හදාගෙන ඇතැයි සඳහන් කළේය.
කිසිම ආයතනයකට නූතන දර්ශක භාවිතා නොකර අපි උත්තමයි කියා සිතිය නොහැකි බව කී ඇමතිවරයා උත්තමභාවය ඇත්තේ නූතන දර්ශක තුළ බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ස්වාධීන රූපවාහිනී නව එච්.ඩී මැදිරි සංකීර්ණයේදී අද (15) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද පැවසීය.
“ආයතනයක, පවුලක, දේශපාලනඥයකුගේ, කලාකරුවකුගේ වසර 25ක සැමරුමල නැතිනම් රිදී ජුබිලිය සමරන්න ක්‍රමවේද රාශියක් තිබෙනවා. රටේ ප්‍රධාන නාලිකාවක් විදියට ලක්හඬ 25 වන සංවත්සරය සැමරිය යුතු ආකාරය ගැන මගේ යෝජනාව ඔබට ඉදිරිපත් කළොත් එහි ක්‍රමවේද තුනක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතිහාසයට ගරු කිරීමයි. දෙවැන්න වර්තමානගේ ගැටලු හඳුනාගැනීමයි. තුන්වැන්න අනාගතය වෙනුවෙන් ඒ අභියෝගය භාරගැනීම සහ අභියෝගයට ප්‍රේම කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැමරීමක් කළ හැක්කේ මේ අදියර තුන හරහා පමණයි.”
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ලක්හඬ නිර්මාතෘ නිව්ටන් ගුණරත්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, සුදත් රෝහණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ගයාන් අමරසේකර

2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය මාධ්‍ය ආයතනත් නූතන ඉලක්ක හඹා යා යුතුයි
Royfedricks Tuesday, 16 November 2021 04:55 AM
හරියට හරි. ඉඩදීල බලන්න. ලස්සන වචන කිව්වට වැඩක් නැහැ.