
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
අධ්‍යාපන ඇමතිවරයා එහිදී මෙසේද කීය
"අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදර දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියලා කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන් වුණේ. ප්‍රාථමික පන්තිවලින් ආරම්භ වුණේ. 240,000ක් ගුරුවරු ඔක්කෝම එන්නත් කරලා තියෙනවා දෙවරක්. ඒ එන්නත් කරලා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනෙකුත් ශ්‍රේණී පාසල්වල ආරම්භ කරනවා කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ පාසල් විවෘත කරන්න හැකිවීම ගැන."
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ඇරඹෙයි
මහජනයා Monday, 15 November 2021 04:14 PM
දරුවන්ට වසර 2ක් තුල දැනට වාර විභාග 5 කට මුහුණදී නැත. දැන් ඇති වැදගත්ම කාරණයක් වන්නේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාග වලට (5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ.) මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සබැ ස්වරුපය අධ්‍යාපන අමාත්‍යංශ දැනගැනීම ඉතා වැදගත්. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හදුනාගෙන පිළියම් යොදන්න. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු වාර විභාග ඉදිරි වසර සදහාද පවත්වා ලකුණු වල ප්‍රගතිය නියාමනය කරන්න. මෙම ක්‍රියාවලිය තව වසර 10 පමණ ලංකාව මුහුණ දිය හැකි භයානක අධ්‍යාපන අර්බුදය යම්තාක් දුරකට සමනය කරගැනීමට පිටිවහලක් වනු ඇත.