IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා දේශීය ආයතනවලින්

 

(ඩයනා උදයංගනී)
 
රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, ගෘහ භාණ්ඩ, මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමේදී අවම වශයෙන් 51% ක් හිමිකම් ඇති දේශීය සමාගම්වලින් මිලදී ගත යුතු බවත්, විදේශවලින් ගෙන්වීම කළ නොහැකි බවත් කී ඇමැතිවරයා මෙවැනි ප්‍රසම්පාදන ක්‍රමයක් ඇතිවූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට බව ද සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ද ඇමැතිවරයා පැවසීය.



අදහස් (6)

රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා දේශීය ආයතනවලින්

ලසන්ත Thursday, 16 July 2020 01:21 PM

මෙයට පෙරත් වාහන ගැනීමේදී දේශීයව නිපදවන හෝ එකලස් කරන වාහන ගැනීමට කළ නියමය පරිදි රාජ්‍ය ආයතනවලට කැබ් රථ මිලට ගත්තා. නමුත් අරගෙන සුළු කලකින් ධාවනයෙන් ඉවත්කළ නිසා ජනතා මුදල් විශාල ලෙසට නාස්තිවුණා. මේ නිසා දේශීය භාණ්ඩවල තත්වය කෙරෙහි සැලකිලිමත් වියයුතුයි.

:       1       23

de silva Thursday, 16 July 2020 02:50 PM

හොඳ අදහසක්... ඔබලාගේ පරිහරණයට අරගෙන තිබෙන රැපියල් කෝටි 7-8ක් වටිනා විදේශවල නිපදවපු වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කරලා දමලා.., අර ලංකාවේ නිපදවන මයික්‍රෝ ජීප් ගන්න. ඔබලාගේ එක සැප වාහනයක් වික්කාම මයික්‍රෝ ජීප් 7ක් 8ක් ගන්න පුළුවන්..

:       0       133

ලසන්තFriday, 17 July 2020 01:14 AM

සිල්වා මහතාගේ අදහස ඉතාම හොඳයි... මමත් කිව්වේ ඔය කියන වාහන ගැන තමයි. මෙහෙම කරන්න කියන කට්ටියම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියමන පෙන්වා දෙමින් සිල්වා මහතා කියපුදෙය කරලා පෙන්වන්න.

:       0       2

Bamunuarachchi Friday, 17 July 2020 03:47 AM

සිංහල දේශීය ආයතනවලට ලබාදෙනවා නම් වඩාත් හොඳයි. රටේ තිබුණු තඹ, පිත්තල ටිකත් ගිය ආණ්ඩුව කාලේ දුන්නේ අසිංහල දේශීය ආයතනවලට.. ඒ පාඩුව මේ ආණ්ඩුව මකා දමයි කියා සිතනවා.

:       76       58

Raveendra Friday, 17 July 2020 04:08 AM

ඉතාම හොඳ අදහසක්.. නමුත් මෙය ළඟ ළඟ එන "පොරය" පෙරදැරි කරගෙන ගත්ත තීරණයක්ද? නැද්ද? යන්න ගැටලුවකි. එමෙන්ම දියවන්නාවේ ඉන්න "225 ට" පිටරටින් ගෙන්වන කිසි වටිනාකමක් නැති තුට්ටු දෙකේ කසිකබල් පතෝල මැසිවලටත් ඔය කියන තීරණය බලපානවාද යන්න අප "බන්දුලගෙන්" විමසීමට කැමැත්තෙමු." බන්දුලට හොඳින් මව්බස කියවීමට හැකි" බව දන්නා බැවින් මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා..!!

:       0       56

rana Friday, 17 July 2020 04:10 AM

බලවත් ඇමතිවරයකු ඉදිරියට ඇවිත් ආදර්ශයක් දෙන්න...

:       0       172

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site