IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

(ඩි.ජී.සුගතපාල)

ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනිය 16 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද සවස නියෝග කළේය.

අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සංවර්ධන නිලධාරිණිය වන හසිනි මනෝජි අලහකෝන් සහ හිටපු විදුහල්පති පහලමැද ගමගේ ගාමිණි ජයවර්ධන දෙදෙනා එසේ රිමාන්ඩ් ගත කළේය.

විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ඉකුත් ඔක්තෝබර් මස 26වැනි දින ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශණ අංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ,හිටපු විදුහල්පතිවරුන් දෙදෙනෙකු, පාසලේ නඩත්තු කටයුතු භාර පුද්ගලයාගෙන් මේ වන විට,ප්‍රකාශ ලබාගත් අතර ගිණුම පවත්වාගෙන යන ගාල්ල කොටුව මහජන බැංකු ශාඛාවෙන් මෙම වංචා කිරිමට අදාල චෙක් පත් 33ක්ද ලබාගෙන විමර්ශන පැවැත්වු බව අධිකරණයේදී කියැවිණි.

 



අදහස් (1)

මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

අතුල Friday, 03 December 2021 07:13 PM

මොනවටද මේ මිනිස්සු? "විදුහල්පති වරුනුත් හොරකම් කරනවා නම්" රට් කොහේටද යන්නේ? එක්කෝ මේ විදුහල්පතිනිය ෂුවර් එකටම, උගත්කමක් නැතුව ගත්තු "දේශපාලන පත්වීමක් කියලා නම් ෂුවර්" පොහොට්ටුවේ ගෝලයෙක් වගෙයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 401 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site