
(ඩයනා උදයංගනී)
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල අනිද්දා (2) පස්වරු 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
මෙම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.
දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය අනිද්දා (2) දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ලබන 4 වැනිදා වනවිට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ඇතුළු වනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2257
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදු යන්න එපා ධීවරයන්ට අනතුරු ඇංගවීමක්