(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කළ බවට සැක සහිත මුහුදු කූඩැල්ලන් දැමූ මළු 17ක් කල්පිටිය කන්දකුළිය ප්‍රදේශයේදී ලොරි ප්‍රවාහනය කරමින් තිබියදී තිදෙනෙකු ද සමඟ කල්පිටිය නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන අද (14) කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත.
මෙම මළු තුළ මුහුදු කූඩැල්ලන් කිලෝ 850 ක් පමණ වන අතර සැක කරුවන් හා ඉන්දියන් ජාවාරම්කරුවන් අතර සබඳතා ඇති බවට සැක කරයි.
සැක කරුවන් නිරෝධායනයට ලක් කිරීමේ නියමිත බැව් කල්පිටිය පොලිසිය සඳහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා සඳහන් කළේ මෙම මුහුදු කූඩැල්ලන් ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහනය කළ බැව් තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරන බව යි.
සැකකරුවන් කල්පිටිය කන්ද කුළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35-50 අතර පිරිසකි. කල්පිටිය පොලිසිය හා පුත්තලම ධීවර හා ජලජසම්පත් කාර්‍යාලය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.


2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදු කූඩැල්ලන් සමඟ තිදෙනකු අත්අඩංගුවට