(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මාතර පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයන් 12 දෙනකු විවිධ මත් ද්‍රව්‍ය සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට පැමිණ ඇති එම සැකකරුවන් අතරින් හය දෙනකු සන්තකයේ තිබී කොකේන් මිලි ග්‍රෑම් 1695 ක්ද සැකකරුවන් දෙදෙනකු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද තවත් දෙදෙනකු ලග තිබී හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 1700 ක්ද අනෙක් දෙදෙනා සන්තකයේ කූෂ් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1250 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.ඊට අමතරව ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා ග්‍රෑම් 23 යි මිලි ග්‍රෑම් 100 ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරකට අනුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතා විසින් එම වැටලීමට මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
773
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුණු පොත සාදයක් පැවැත් වූ 12 මාට්ටු
පිටිගල මිලානෝ Sunday, 21 November 2021 11:37 AM
මෙතෙන්ට ෆේස්බුක් අදාල නැහැනේ. මත්ද්‍රව්‍ය භාවිතා කරපු කට්ටියක් ඇල්ලුවා කියන්න. මොකෝ ෆේස්බුක් එකෙන් පාටි ඕගනයිස් කරන්න තහනම්ද? ලින්මැඩියන්ගේ ලෝකය...
කිරි පුතා Sunday, 21 November 2021 02:59 PM
ඒ ගෙනැල්ලා තියෙන මත්ද්‍රව්‍ය තොගේ ගත්තා නම් ඒ කට්ටිය ආයෙ ගෙදර යන්නේ නෑ...