IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මන්ත්‍රී නොහික්මුණු හැසිරිම් ගැන කතා කරන්න පක්ෂ නායකයෝ එක් වෙති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිසබයේදී සහ ඉන් පිටතදී පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ( පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 6) උදේ 8.30ට පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ .

මේ කාරණය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගය ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කතානායකවරයා අසලට ගොස් තර්ජනාත්මක ආකාරයට කටයුතු කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී පෙරේදා(4) චෝදනා කළහ.

එසේම මනුෂ නානායක්කාර මහතාට රාජ්‍ය අමාත කාංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය අසලදී පහරදීමට උත්සාහ කරන ලදැයි කියන සිද්ධියක්ද එදින වාර්තා විය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම මන්ත්‍රීවරුන්ට පහරදීම් ඇතුලූ හිරිහැර සිදුකරනු ලබන බවට චෝදනා කර එය වළක්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාව වර්ජනය කර මැතිසබයෙන් පෙරේදා පිටව ගියහ.

 



අදහස් (2)

මන්ත්‍රී නොහික්මුණු හැසිරිම් ගැන කතා කරන්න පක්ෂ නායකයෝ එක් වෙති

ravin Monday, 06 December 2021 08:00 AM

ඕක බලු කොටුවකට වඩා අන්ත තැනක්.

:       0       0

Raveendra Monday, 06 December 2021 08:12 AM

පක්ෂ නායකයන් යයි කියාගන්නා නොහික්මුණු දේශපාලුවන් විසින් තම තමන්ගේ නොහික්මුණු මන්ත්‍රී හොරුන්ගේ නොහික්මුණු හැසිරීම් පිලිබදව කථාකිරීමට එක්වෙති. මෙය ඉතා සිත්ගන්නා සුළු පුවතකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site