
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු අයවැය විවාදයේ කටයුතු අද (6) පැය තුනකට සීමාවීම විශේෂ සිද්ධියක්විය. මෙවර අයවැය විවාදයේ කටයුතු මෙලෙස කෙටි වේලාවකට සීමාවූ පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුවේ කටයුතු අද (6) පෙරවරු 9.30 ට ආරම්භ වී දහවල් 12.30 ට පමණ අවසන් කෙරිණ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මැතිසබය අද (6) වර්ජනය කළහ.
මැතිසබයේදී අද විවාදයට ගැනුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය,නාගරික සංවර්ධන,හා අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය , ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යංශය,ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා ජල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.
එම වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව සභාව හෙට (7) දින දක්වා කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
248
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබයේ පැය තුනකට සීමාවෙයි
පිටිගල මිලානෝ Monday, 06 December 2021 03:22 PM
බුද්ධිමත්ව අපි එකතුවෙලා මේ දේශපාලනයට තිත තබමු. ජවිපේ, ෆොන්සේකා, චම්පක ප්‍රමුඛ සන්ධානයකට රට බාරදෙමු.
මොට්ටපාල Monday, 06 December 2021 04:55 PM
අමාත්‍යාංශ හතක වැය ශීර්ෂ කොපමණ තිබේද ඒවා සාකච්ඡා කිරීමට ගත් කාලය විනාඩි එකසිය අසූවකි.එක් අමාත්‍යාංශයකට කාලය කාලය විනාඩි විසි පහක් තරම්වේ. මෙම විනාඩි විසි පහ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයට බෙදුවාම පක්ෂයකට කාලය විනාඩි 13 ක් පමණි ඇත්තටම ජනතා මුදල් කෝටි ගණනක් දිනකට වැයකර කරන මේ වැඩ මොනවාද