(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.
මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
එම විරෝධය නොතකමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10 .00 ට දුම්රිය ගමන ආරම්භ කිරීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළේය.
හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විරෝධතාවයේ නිරත වු පිරිස ඒ මහතාගේ රුව සහිත බැනරයක් බලහත්කාරයෙන් දුම්රිය එන්ජිම ඉදිරිපස සවි කළේය.
ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.
ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.
කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි මගීහු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී සිය විරෝධතාව පළ කරමින් සිටිති.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ දුම්රිය චාරිකාවට බාධා
sanju Sunday, 06 January 2019 06:03 AM
මෝඩ රැලක්... මේවා මහජන මුදලින් ඉදිකරපුවා. අඩක් නිමකළ ව්‍යාපෘති පත්වෙන රජයෙන් ඉවර කරනවා. එතකොට ඒ රජයේ ජනපති අගමැති විවෘත කරනවා. එ්ක තමයි සම්ප්‍රදාය. නමුත් ගම්උදා ගෙවල් හදන එක දවස් 51දී නවත්තල පුවරුත් කාලා දැම්මා. මේවා දේශපාලන උසිගැන්වීම්... මොලයක් තියෙන පිරිස මේවා හෙළාදකිනවා. කාට හරි කඩේ යන නූගත් පිරිස තමයි මේවට යන්නේ...
Sanath KandySunday, 06 January 2019 10:34 AM
සුද්දෝ තාක්ෂණය නොදියුණු කාලේ මේ රටේ දුම්රිය මාර්ග කිමි. පන්සීයකට වඩා ඉදි කළා. මෙයාලා කිමි. තිහක දුම්රිය මාර්ගයක් හදලා එ්කෙනුත් ගසා කාලා ඒකෙන් තව දේශපාලන වාසිත් ගන්න රණ්ඩු කරනවා.
paniyaSunday, 06 January 2019 11:06 AM
ඔය රත්තරන් කටට, පොල්තෙල් බෝතලයක් වක් කරන්න හිතෙනවා.
jagathSunday, 06 January 2019 11:58 AM
රෙදි ඇඳගෙනද මේවා කරන්නේ..? ඕවා මහජන මුදලින් වුනත් විවෘත කරන්න යන්න ඕනේ තමන් හදන්න මුල් වුණු සහ තම අධීක්ෂණය යටතේ වුණු දෙයක් නම්... ඒ මනුස්සයා නැත්නම් මේ දැවැන්ත පිම්ම ඉදිරියට තියන්න අැපකැප වෙච්ච ඉංජිනේරුවෝ, ව්‍යාපෘති කලාකරුවෝ, මහාචාර්යවරු ඉන්නවා.. ඔවුන් තමයි මේවා කරන්න අනෙක් දරදිය ඇදපු මිනිස්සු.. ඊළගට ගෞරවය ලැබෙන්නේ ඕනේ ඔවුන්ට... මේවා විවෘත කරන්න ඕනේ ඔවුන්....
අනුරMonday, 07 January 2019 02:33 AM
ඕක චීනෙක්ම විවෘත කරා නම් හොද නැද්ද?
sandy123 Sunday, 06 January 2019 06:04 AM
හොඳ දෙයකට පියවරු සියයයි. නමුත් වැරදුණාම නොහොඳ දෙයක් නම් අවජාතකයි.
buddikaSunday, 06 January 2019 02:23 PM
අර උමා ඔයාටත් මේ බැනර් එකම ගහන්න එපැයි.. වහල්ලු කියලා මෙහෙමත් ඉන්නවද අම්මපා...?
kap Sunday, 06 January 2019 06:11 AM
ගෝත්‍රික හැත්ත. දැන්වත් හැදියල්ලා මෝඩයනි... මේවා හදන්නේ උඹලගෙ සල්ලිවලින්. නැතුව මේ අයගේ බූදලයකින් නෙමෙයි. උඹලට කාටවත් උපහාර කරන්න ඕනේ නෑ. අපි මේ අයව ඡන්දෙන් පත්කරන්නේ මේවා කරලා රට දියුණු කරන්න තමයි.
ase Sunday, 06 January 2019 06:19 AM
අවසානයේදී ඔය සියලු දේම පාඩුව සහ ණය ගෙවීමට වෙන්නේ අපටම තමයි. ඒ මදිවට මන්ත්‍රීවරු යමරෙට! රටේ අවශ්‍යතාවය ඉක්මවා කරන දේවල ප්‍රතිවිපාක අපිට නේද ගෙවන්න වෙන්නේ? කෝ අපට සහන? කොහොමද දෙන්නේ? ණය බර වැඩියිනේ... තව ණය ගන්න වෙනවනේ පරණ ණය ගෙවන්න.. කෙළවර... අනේ අපොයි අපිට ගිය කලක් !
Ruhune api Sunday, 06 January 2019 06:20 AM
සත්‍ය එයම වෙනවා... රණතුංග මහතාට තියෙන්නේ ගම්පහ දුම්රිය ස්ථානය නවීකරණය කර දීමයි.
ruhune api Sunday, 06 January 2019 06:24 AM
මංගල මහතාට, මහින්ද මහතාට අාරාධනය කරන්නේ නැතිද? දේශපාලනය කෙසේවෙතත් මංගල ඔහුගේ පියා මෙන්ම ප්‍රදේශයේ දියුණුවට වැඩ කළා... මහින්ද උන්නැහේ සමග එකතුවෙලා.
NissankaSunday, 06 January 2019 10:27 AM
මංගල මහත්තයා මාතරට වැඩ කළේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ... මහින්දගේ කාලේ එතුමා විපක්ෂයේ. මංගල ඇත්තටම දක්ෂයෙක්. ඔහු තැපැල් හා විදුලි සංදේශ ඇමති කාලේ මේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවයක් කළා. ඉස්සර ගමක දුරකථනයක් තිබුණේ තැපැල් කාර්යාලයේ විතරයි.
abiya Sunday, 06 January 2019 06:53 AM
කාලයකට පසු සැබෑවූ සිහිනයක්. හිටපු ජනාධිපති යථාර්තයක් කළා. බැනර් එක ගැසීම සහ ඡායාරූප ප්‍රදර්ශනය සාධාරණයි. තවද මෙහි මූලාරම්භය ගත්තේ හිටපු ජනාධිපතිවරයෙක් වූ දිවංගත ආර් ප්‍රේමදාස මැතිතුමා බව අමතක නොකළ යුතුයි. ඡායාරූපයේ සිටින පුද්ගලයා දකිනවිට දුක හිතෙනවා...
Bamunuarachchi Sunday, 06 January 2019 06:58 AM
පෙනෙනවා නේද එජාපයින්ට තිබෙන සහයෝගය..? තවම පටන් ගත්තේ නැහැ.. පටන් ගන්නේ දෙමළුන්ට කෑල්ලක් දෙන්න 20 අනුමත කරගන්න ගියාම...
DarshanaSunday, 06 January 2019 09:25 AM
ඒක නම් ඇත්ත...
ranilSunday, 06 January 2019 09:58 AM
අන්කල්, ඔයාට දෙමලු රුස්සන්නේ නැද්ද? හැමදේටම දේශපාලනේ. 20 20 20.. ඔයා මොන අපතයෙක්ද මේවගේ දේවල් අනුමත කරන්නේ... මේවා අපේ සල්ලි... ඔයාගේ රජතුමාගේවත්, එජාපයේ වත්, කාගෙවත් නෙමෙයි. අපි බදුවලින් ගෙවන සල්ලි.. පිටරට ණය ගෙවන්නේ අපි මිසක් මේවා කරන්න පටන් ගත්ත කෙනාවත්, විවුර්ත කරපු කෙනාවත් නෙමෙයි. කරුණාකරලා නාකි කාලේ ඔය වෛරය පොඩ්ඩක් අඩු කර ගන්න. අපාය පේන්න තියෙන්නේ....
V.warnakulasuriyaSunday, 06 January 2019 11:13 AM
අපතයෙක්ට ගඳ සුවද දැනෙන්නේ නැත. බොහෝවිට භුක්තිවිඳින කුණකට කළගුණ සැළකීම වෙනුවෙන් වහල්කම් කිරීමට එහා ඔහුට ලොවක් නැත. පුරාණකාළයේ රජවරුන්ට වන්දනා කළ අය වගේම අදත් එවැන්නන් නැත්තේම නැත. ඔවුන් ගැන කණගාටු වෙනවා හැරෙන්නට අපට කළ හැකි දෙයක්ද නොමැත.
Hafeel Sunday, 06 January 2019 12:09 PM
ඔබ සමග මමත් එකඟයි. මේ ණය ගෙවන්න වෙන්නේ රටේ ජනතාව. රෙජීමේලාට වැඩ පටන් ගන්නනත් කලින් කොමිස් ලැබිලත් ඉවරයි.
BamunuarachchiMonday, 07 January 2019 12:30 AM
අපේ සල්ලි වලින් රනිල් මන්ත්‍රී ඇමැතියන්ගේ වැටුප් සහ දීමනා වැඩි කර ගත්තා මිස මෙරටට මේ අවුරුදු 4 කරපු දෙයක් නැත. රනිල් ගෙන් රත්තරන් බ්‍රේස්ලට් ලබපු, රැකියා දශලක්ෂයෙන් එකක් ලබපු හෝ ලංකාවේ නිපදවපු වෝක්ස්වගන් කාර් එකක් එලවපු කෙනෙක් නැත තව මොන කතාද.?
Sanath KandySunday, 06 January 2019 10:47 AM
20න් කොහෙද බමුණු දෙමළුන්ට කෑල්ලක් දෙන්නේ? 20 ගේන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඔයාලා වගේ ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු ආයෙත් මේ රට බෙදුම්වාදී යුද්ධයකට තල්ලු කරනවා. මිනිස්සුගේ ජාතිකත්වය, ආගම, භාෂාව, කුලය උලුප්පා දක්වමින් අපහාසයට ලක් කරන එක අන්තිම කැතයි. බුදු බනෙත් තියෙන්නේ නජච්ඡා වසලෝ හෝති... නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ කියලා. මනුස්ස වේශෙන් හිටියත් ප්‍රේත, තිරිසන් ආත්ම ලබපු අයට බුදුබණ තේරෙන්නෙත් නෑනේ....
ජූඩ් Sunday, 06 January 2019 07:01 AM
මෙහෙමත් වහල්ලු ඉන්න රටක්.... මේ ඔබේ බදු මුදල් සහ අනාගතයේ ඔබේ දරුවන්ටත් පොලී ගෙවන්න වෙන ණය කියලා තෙරුම් ගන්න බැරි හැටි.. " ශ්‍රීලංකාව යනු සංවර්ධන කල නොහැකි රටකි"
Amila Sunday, 06 January 2019 07:18 AM
ප්‍රේමදාස මහත්තයගේ කාලයේ හරි, මහින්දගේ කාලයේ හරි විරුද්ධ පක්ෂයෙන් ඔහොම කරා නම් ඒ මිනිස්සු එක්කෝ එලොව යවලා නැත්තම් ඉතින් සුදු වෑන් එකකින් උස්සලා. මේ රට ඔහොම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කරන්න බෑ. පොඩ්ඩක් සද්දෙත් දාලා තේරෙන භාෂාවෙන් කියලා නොදී නම් ආණ්ඩු කරන්න බෑ. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට බයට වැඩ කරන්නේ...
සමීර Sunday, 06 January 2019 07:30 AM
වහල්ලු කියන්නේ නිකං ඇයි.
Janindu Perera Sunday, 06 January 2019 07:45 AM
ඒ කියන්නෙ රේල්පාර හැදුවෙ කවුද කියලා එහේ මිනිස්සුන්ට තාම මතකයි!
කරුණාජීව Sunday, 06 January 2019 08:03 AM
දියුණු රටවල් මීට වඩා විශාල ව්‍යාපාර කිසිම දෙයක් විවෘත කිරීමක් සිදුවන්නේ නැහැ. වැඩ අවසන්ම වූ පසු සේවාව ලබා දෙනවා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා...අපේ රටේ කරන්නේ දේශපාලකයන්ගේ උසිගැන්වීම් වලට වහල්ලු වගේ බසට අවනත කර ගැනීම..ජනතාව මෝඩයාට අඳිනවා විතරයි..
Mahee Sunday, 06 January 2019 08:15 AM
මෙවැනි මිනිසුන් ඉන්න තාක් කල් රට ගොඩ ගනු බොරු!
Soma dubayi Sunday, 06 January 2019 08:24 AM
මේක හැදුවේ ගරු රනිල් මැතිතුමා .වෙන අයගේ පින්තූර ගැහුවා කියලා වැඩක් නෑනෙ .
ඩී. ජයදේව Sunday, 06 January 2019 08:31 AM
මේකට වියදම් කරලා තියෙන්නේ තමන්ගේ බදු මුදල් කියලා තේරෙන්නේ නැති මහ ලොකු ජනතාව...
rama Sunday, 06 January 2019 08:46 AM
මහින්ද පටන් ගත්ත වැඩ විවෘත කරන්න යනවා.. එයට අාරාධනයක් වත් නොකර තමන් කළා වගේ... ඇමැතිකමට ඇවිල්ලා සති දෙකෙන්ද මේක හැදුවේ මෙයා... දිස්ත්‍රික්කයේ කෙනෙක්ට වත් අාරාධනා කලේ නැහැ...
akilaMonday, 07 January 2019 04:14 AM
දේශපාලකයෝන්ගේ වහල්ලු කියන්නේ ඔයා වගේ අයට තමයි , මටනම් මේක දැක්කම හරිම ලැජ්ජයි
ලුම්බිණි Sunday, 06 January 2019 08:57 AM
මේවා සංවිධානය කරන්නේ හෙන්චයියන් විසින්. නැතුව මහජන විරෝධතාවන් නොවෙයි.
Ranjith Sunday, 06 January 2019 08:58 AM
මෙපමණ කලක් බදු මුදල් තියාගෙන බම්බු ගැහුවද? හැම එකාටම ඕවා හිතල කරන්න තිබුණා. කළාට පස්සේ තමයි බදු මුදල් මතක් වෙන්නේ... මේ මුහුදුබඩ මාර්ගය මීට ඉස්සෙල්ලා හැදුව නම් ඒ පිටිසර ගම්මාන දැන් ගොඩක් දියුණුවෙලා. මහින්ද ඕක දැන්වත් හදපු එක ගැන සතුටු වෙයල්ලා. බොරුවට කෑ ගහන්නේ නැතුව...
DarshanaSunday, 06 January 2019 09:29 AM
මහින්ද මහත්තයා මූලිකවෙලා හදපු ඒවා තමයි තවමත් විවෘත කරගෙන යන්නේ...
kapSunday, 06 January 2019 09:55 AM
බෙලිඅත්ත තියෙන්නේ මුහුද අයිනේ නෙමෙයි. අනික මේක යන්නේ මුහුද අයිනෙන් නෙමෙයි.. අනික පිටිසර ගම්මාන දියුණු වෙන්නේ කොහොමද කර්මාන්ත නැතුව. මේක තනිකරම සුදු අලියෙක්. කතරගම වාරයට සෙනඟ ඉඳියි. නැත්නම් බස් එකකට වත් සෙනග ඉන්න එකක් නෑ. කොහොමත් ඔය පැත්තේ ඉන්න හරක් නැග්ගම කෝචිචිය විනාශයි..
nihal Sunday, 06 January 2019 09:05 AM
මම කල්පනාකලේ මේ රජයෙන් හදපු මොන වියාපෘතියද...? මීලග රජය විවෘත කරන්නේ කියලයි...
kap Sunday, 06 January 2019 09:05 AM
ජනිඳු පෙරේරා, මතක තියාගන්න.. මොකෝ හදපු කෙනා කරේ පුද්ගලික සල්ලි වලින්ද? ගම්ව්ල මෝඩයෝ මේ වගේ තමයි. ඔයත් දකුණේ හරකෙක්ද?
Saththaya Sunday, 06 January 2019 09:17 AM
ඉස්සෙල්ල මේවායින් කොමිස් ගහපු මුදල් ප්‍රමාණය කොතරම්ද කියලා බලන්න. මේක කාගේවත් බූදලයෙන් හදපු රේල්පාරක් නෙමේ. කව්රුහරි දේශපාලනයට එන්නේ වැඩක් කරන්න. ඒකට වරප්‍රසාද, වැටුප් විශාල වශයෙන් ලැබෙනවා. මේ වැය කරපු මුදල් අපේ රටේ... හිතන්න... හිතන්න..?
samson Sunday, 06 January 2019 09:37 AM
මහින්ද සීයට ආවඩන බෙලිඅත්තේ නූගත් මෝඩ රැලක් උන්ටම ප්‍රයෝජනවත් වන දුම්රියට විරෝධය පනවා කියන්නේ මොන තරම් මී හරක් වැඩක්ද? යකුනේ ජනතාවට හොඳක් වෙන වැඩකට ඔය පක්ෂ පාට පැත්තක දාලා අතහිත දීලා එම වැඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලාපල්ලා. මී හරක් වගේ හැසිරුණාම මේ රට හැමදාම එකම තැන පල්වෙනවා මිසක් වෙන මොනවද? යකෝ දේශපාලකයන්ට ගැත්තන් වෙන්න එපා. බෙලිඅත්තේ, වලස්මුල්ලේ ඉන්නෙ ඔය තරම් හරක්ද?
rohan Sunday, 06 January 2019 09:55 AM
මහින්දගේ සල්ලිවලින් වෙන්න ඇති නේද? වහල්ලුන්ට මොනවා තේරෙනවද?
banda Sunday, 06 January 2019 10:27 AM
මම ඉන්න රටේ අපි පදිංචිව ඉන්න නගරයේ ප්‍රධානම තැපැල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය සාදා එය විවෘත කරන ලද්දේ එහි සේවය කරන වයස අවුරුදු 65ක් වන වයසකම ලිවුම් බෙදන්නා විසිනි. කිසිම දේශපාලකයෙක් මෙයට සහභාගී නොවූ අතර එම උත්සවයට (විනාඩි 5 යි) සහභාගි වුයේ එහි සේවක මණ්ඩලය පමණයි. කෑම බිම මොකුත් තිබුනේද නැත.
maheshika Sunday, 06 January 2019 10:42 AM
මහින්දගේ පුද්ගලික මුදලින්ද මේවා හැදුවේ? මේ වගේ මී හරක් ඉන්නකම් අපේ රටේ සංවර්ධනයක් වෙයිද? මේ අයට ඕන සංවර්දනය නොවෙයි. තමන් කැමති නායකයාව පත්කරගෙන තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගන්න. ඔය ප්‍රාදේශීය සහ පළාත් සභාවල ඉන්න හොරු සංවිධානය කරපුවා. UNP කාරයොත් එහෙම තමයි වෙනසක් නැහැ.
nihal Sunday, 06 January 2019 11:19 AM
වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයට ලංකාවේ ජනාධිපතිවරු පස්දෙනෙක් මුහුණ දුන්නා. එයින් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමුන්ගේ පළමු වසර තුනහමාරේදීම යුද්ධය නිමාකළා.. අපේ බදුමුදල්වලින් යුද්ධකර ඔහු එම යුද්ධය නැවැත්විය යුතුද? එසේනම් ඔහුට ප්‍රථම හිටපු ජනාධිපතිවරුන්ට යුද්ධ නැවැත්වීමට කොන්දක් තිබුනේ නැද්ද? එසේනම් ඒ ජනාධිපතිවරු ඔවුන්ගේ අලසකම නිසා අපේ බදුමුදල් කොපමණ ප්‍රමාණයක් විනාශවෙන්නට ඇද්ද?
NuwanSunday, 06 January 2019 04:06 PM
හිටපු හැම ජනපතිවරයෙක්ම තිබුණු සම්පත් සහ ලෝක දේශපාලන වාතාවරණය සමග යුද්ධය යම්කිසි ප්‍රමාණයකට ඉවර කළා. යම් මට්ටමකට ගෙනාව මහින්ද මහතා හිටිහැටියේ වසර 3න් ඉවරකළා නොවේ. එය දීර්ඝ කාලින ව්‍යායාමයක ප්‍රතිඵලයක්.. එහි ජය හිටපු සියලු ජනපතිවරුන්ට අයිතියි.
චමින්ද Sunday, 06 January 2019 11:21 AM
හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ලාබාලම මන්ත්‍රී ලෙස පත්වූ රජය කාලයේ (1970 සිට 1977 දක්වා) කිරිඇල්ල ආසනයේ (වර්තමාන ඇහැලියගොඩ ආසනයේ ) මන්ත්‍රී වර්තමානයේත් මන්ත්‍රී වාසුදේව මන්ත්‍රීවරයාමය. එකල දිස්ත්‍රික්කයේ සිටි ලොරි හිමියන්ගේ අවශ්‍යතාවයටත් හිතවතුන්ට දුම්රිය මගේ ඉඩම්දීමටත්... ඕපනායක දක්වා සුද්දන් හදා තිබුනු දුම්රිය මාර්ගය වසා දැම්මා. එය ඇහැලියගොඩ දක්වාවත් තබාගැනීමට එකල කිරිඇල්ලේ හිටපු මන්ත්‍රී උනන්දු වුනේ නැහැ. දකුණේ දුම්රියට මිනිස්සු විරුද්ධ නම් කැළණිවැලි දුම්රිය මග නැවත හදන්න...
neil Sunday, 06 January 2019 11:25 AM
ඊ... දකුණේ ඉන්නේ මිනිස්සුද, සත්තුද..?
dias Sunday, 06 January 2019 11:30 AM
අපේ බදු මුදල් අපේ සල්ලි... ඇමතිතුමා .ඉක්මනින් දුම්රිය අාරම්භ කරන්න. වහලුන්ට නටන්න දෙන්න එපා...
රවින් Sunday, 06 January 2019 11:39 AM
ඔය විරුද්ධතාවය දක්වපු සියලුදෙනාටම කියන්න තියෙන්නේ, කරලා තියෙන්නේ නිරීක්ෂණ චාරිකාවක් පමණක් බව... කොහේ හරි වරදක් තිබිලා අනතුරක් වූවානම් තුවාල වෙන්නේ එම දුම්රියේ ගමන් කළ අයට. හිටපු ජනපති මහින්ද මහත්තයාට අනතුරක් වෙනවාට විරෝධතා දක්වපු සියලුදෙනාම කැමති ඇති නේද? එතකොට ඔය සියලුදෙනාම එතුමාට දීර්ඝායු නිරෝගී භාවය නොවේද පතන්නේ? දැන් කවුද දිනුවේ? මහින්ද මහත්තයාගේ විරුද්ධවාදීන් නොවේද? පනින්න පෙර සිතා බලන්න.
sirimal Sunday, 06 January 2019 12:08 PM
මාතර සිට කතරගම දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ වැඩසටහන ආරම්භ කළේ 1991 දෙසැම්බර් මස 27 වන බව සඳහන් සමරු ඵලකයක පින්තුරයක් මේ දිනවල අන්තර්ජාලයේ දැකගත හැකිය. එවකට ජනාධිපතිවරයා වූයේ රණසිංහ ප්‍රේමදාස වූ අතර ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යවරයා වූයේ විජේපාල මෙන්ඩිස් බව එහි දැක්වේ. කවුරු මොනවා කීවත් මහජනතාවගේ මුදලින් ඉදිකෙරෙන මොනම දෙයකට හෝ දේශපාලුවන්ගේ නම් සඳහන් කර ඵලක ඉදිකරන්නේ අපේ වැනි බංකොලොත් රටවල පමණක් බව නම් කිවයුතුය.
රුවන් Sunday, 06 January 2019 12:46 PM
හරක් ඉන්න රටක අපිත් ඉපදුනානේ කරුමෙට...
Nandalal DE SILVA - France Sunday, 06 January 2019 06:07 PM
මේ දුම්රිය ආරම්භ කරන දිනයේම, කොල්ලන් බල්ලන් උසිගන්වා දුම්රිය ස්ථානයටත්, රේල්පාරටත් තල්ලු කරපු තුට්ටු දෙකේ දේශපාලුවන්ගේ අදහස කුමක්දැයි නොදන්නා පිංගුත්තරයන් පත්තරවල රුපවාහිනිවල උන්ගේ පින්තුර දැක්කම සතුටුවන්නේ කොහොමද? ඊටත් වඩා සතුටුවන්නේ මේ රංචුව ලිහා රේල්පාරට දැමු හොර දේශපාලුවොයි. මේ ව්‍යාපෘතියත් මහින්දගේ වැඩක් කියා පෙන්වන්නට උත්සාහ දරන්නේ, ප්‍රසිද්ධ වැසිකිළිවල පවා රාජපක්ෂ පවුලේ නම් සහිත බෝඩ් ලෑලි එල්ලන හෙන්චයියල විසින් බව මේ පුවතින් යලිත් වරක් පැහැදිලි වෙනවා.මාතර සිට කතරගම දක්වා දිවෙන දුම්රිය මගේ මුලික වැඩ කටයුතු සඳහා ඉඩම් ලකුණු කිරීම කර තිබුනේ 1940 දශකයේ මුල් කාලයේ බව වැඩිහිටියන් නොයෙක්වර කියනවා මට මට මතකයි. එතකොට මහින්දලා මොන ලෝකේ හිටියද කියා දන්නා කෙනෙක් ඔය බෝඩ් ලෑලි වීරයෝ අතර ඉන්නවාද? මේවා දේශපාලන රඟපෑම් විතරයි.
vipula Monday, 07 January 2019 03:16 AM
වෙනදට වඩා අපෙන් ගන්න බදු මුදල දැන් වැඩී. මහ බැංකු වාර්තා වලින් ඒ බව ඔප්පු වෙනවා. නමුත් එම බදු මුදලින් සුවහසක් ජනතාවට ලබාදෙන පහසුකම් ලැබුනේ මහින්දගේ ආණ්ඩුවෙන්. එතුමා සැලසුම් අමාත්‍යංශයේ රටට කලයුතු සංවර්දන කටයුතු වැඩියෙන්ම කලේ එතුමාගේ කාලයේ. ජනවාරි අට වෙනිදට පසු ඒ ගමන සෑහෙන ලෙස නතර වුණා. අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ දිලිදු පවුල් වලට ගෙවල් හදල දෙන එක විතරයි. රටේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය ලැබෙන්නේ නැහැ .
ajithMonday, 07 January 2019 08:38 AM
රජයකින් ජනතාවට නිවාස සාදාදීම වැරදි පූර්වාදර්ශයක්... ඒ වෙනුවට ජනතාවට නිවාස සාදා ගැනීමට හැකි ආර්ථිකයක් නිර්මාණය කළයුතුයි. මේ වගේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් රට දියුණු කළ හැකියි.