(මනෝප්‍රිය ගුණසේකර)
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලසෙ මරණ දඬුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ මට්ටක්කුලියේ පදිංචි නිලන්ත කුමාර ඩයස් නමැත්තාටය.
2001 ජුනි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලියේදී වික්‍රමසිංහගේ සුමිත් නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මරණකරු වන වික්‍රමසිංහගේ සුමිත් නමැත්තා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලද බවට සාක්කි ඉදිරිපත් විය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.
අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ)පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය.
උප්පුවේලී පොලිස් වසමට අයත් ලංගම ඩිපෝව අසලදී ජාවාරම්කරුවෙකු එනතෙක් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොල
වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය ය
දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පව
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මට්ටක්කුලියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම