( පාලිත ආරියවංශ)
උපන් හැටියේ බිළිඳෙකුගේ මුව වසා ශ්වසනය අවහිර කර ඝාතනය කළේ යැයි සැකපිට එම බිළිදාගේ මව බදුල්ල පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අත්අඩංගුවට ගනු ලැබුවේ බදුල්ල වේවැස්සවත්තේ පදිංචි මුත්තයියා පුවනේශ්වරී නමැති අවිවාහක 36 හැවිරිදි කාන්තාවකි.
සිද්ධියෙන් පසු බිළිඳා සහ මව නිවැසියන් විසින් බදුල්ල මහරෝහලට රැගෙනවිත් තිබේ.
සැකකාරිය මුලදී පවසා ඇත්තේ බිළිඳා උපන් හැටියේම අසනීප වූ බවයි.
එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය මුවවසා හුස්ම හිරකිරීමෙන් සිදුවූ මරණයක් බව බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් අනාවරණය කිරීමෙන් පසු සැකකාරිය එය පිළිගත් බව පොලිසිය සඳහන් කළේය.
ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතරම බදුල්ල වැඩබලන මහේස්ත්‍රාවරයාගේ නියෝගය මත ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරය යටතට පත්කළ බව බදුල්ල පොලිසිය පැවසීය.
බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිළිඳා ඝාතනය කළැයි සැකපිට මව අත්අඩංගුවට
gamarala Saturday, 13 July 2019 08:51 AM
දැන් ඉහතින් ශාපි කියයි "මම නිවැරදියි කියලා".
Raveendra Saturday, 13 July 2019 08:57 AM
පව් අහිංසක දරු පැටියෙක්... මෙයට අනියම් ලෙස දායක වූ මිනිස් ආත්මයක් ලබපු තිරිසන් පිරිමියාද මෙයට වගකිව යුතු නොවේද? වැඩිදෙනෙකු කතා කිරීමට අකමැති නමුත් අප සමාජයේ වැඩිවෙමින් පවතින එක් අසීලාචාර ගැටළුවක් මෙය නොවන්නේද?