IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘බැසිල්ට දිට්ඨධම්ම කර්මය පළදීලා ‘

(අංජුල මහික වීරරත්න)

මහ බැංකුව කොල්ල කෑවා යැයි මෙතරම් කලක් කළේ රනිල් වික්‍රමසිංහට මඩ ගැසීමක් බව බැසිල් රාජපක්ෂගේ කටින්ම කියන්නට සිදු වීම දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීමක් බව  එක්සත් ජාතික පක්ෂ මහලේකම්  පාලිත රංගෙ  බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මහ බැංකුවෙන් කොල්ල කෑ බව කියන රුපියල් බිලියන 8.5 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ගන්නා බව බැසිල්  රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරමින් පැවසු බව කී එජාප මහලේකම්වරයා

කොල්ල කෑවා නම් ඒ මුදල් තිබිය යුත්තේ රනිල් සහ ඔහුගේ සගයන් අතර නොවෙිදැයි ප්‍රශ්න කළේය .

බැඳුම්කර සිද්ධියේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස්ලාගේ සමාගමේ රුපියල් බිලියන 13ක මුදලක් ආණ්ඩුවේ රඳවා ගැනීමට කටයුතු කළ බවත් අයවැයෙන් ආණ්ඩුවට එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ එලෙස රඳවා ගත් මුදල් බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

 

           

 

 

 

 



අදහස් (12)

‘බැසිල්ට දිට්ඨධම්ම කර්මය පළදීලා ‘

ana Monday, 15 November 2021 10:58 AM

හදුන්හෙත්තිට පිං සිද්ද වෙන්න.

:       5       17

Hafeel Monday, 15 November 2021 11:04 AM

රනිල්ගේ සගයෝ තමයි අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ රවී කරුණානායකල. නැතුව අපේ සගයන්ද. ඔවුන් අතර තමයි ඔ ලාබය සහ ජනතාවට පාඩුව බෙදී ගියේ.

:       13       18

Chandima Monday, 15 November 2021 11:07 AM

හැලිය රත් වෙනකල් නටන්න .දැන් හැමෝටම දිට්ඨ ධම්මේ පල දෙන්න ලඟයි

:       2       17

Hafeel Monday, 15 November 2021 11:08 AM

එම රුපියල් මිලියන 13ක මුදල රඳවා ගත්තේ මෙහෙම පාඩුවක් වෙනබව කලින් දැනගෙන හිටියාද? නැතිනම් මොනවටද මෙම මුදල රඳවා ගත්තේ?

:       9       13

jayasekara Monday, 15 November 2021 12:54 PM

අම්මෝ උපාසක මහත්තයලා ,දැන් බණත් දන්නවා එහෙනම්

:       1       7

sharm warn Monday, 15 November 2021 01:04 PM

ඔව්, ඔව්... බැසිල්ට, මහින්දට විතරක් නෙමෙයි.., අවුරුදු 5 ක් තිස්සේ එළිපිට හොරකම් කළ මැදමුල්ලන කල්ලියට නිසි නීතිමය කටයුතු නොකර නළව නළවා හිටපු එකටත් එක්ක ඔහෙලටත්එම කර්මයම ඵලදීලා තියෙන්නේ... අපිට නම් ඒ බව පේනවා. කට්ටියම හවුලේ නාගන්න යන්නේ කියලා...

:       0       6

පිටිගල මිලානෝ Monday, 15 November 2021 01:13 PM

ඔක්කෝම හොරු... බැසිල් කතාකරපු භාෂාව තේරුණා නම් ඒකත් ලොකු දෙයක්... ලියන්න කියවන්න හරියට බැරි අය ලංකාවේ තව කොච්චර ඇත්ද?

:       2       11

janahitha Monday, 15 November 2021 01:27 PM

මහත්තයා හිටියේ පුත්තලමේ ලංකාවේද? පක්ෂය එජාපයද? එම කාලයේ පාලනය කළේ උන්නැහේලා නොවේද?

:       1       7

Bamunuarachchi Monday, 15 November 2021 01:56 PM

හලෝ කවුරුවත්, කාටවත් මඩ ගහන්න ඕනේ නැහැ. අපි දැක්කා වංචාව දැක්කා. බිලියන 5 අවශ්‍යතාවයකට බෑනාට වාසිවෙන බව දැනගත්ත බැංකු අධිපති මාමා අවශ්‍යතාවය දෙගුණයක් කළා. මේ පුරවැසියෙක් නොවන බැංකු අධිපතිව පත්කළේ රනිල්. මිනිහව නැවත නොඑන්න මගුල් ගෙදර යැව්වේ රනිල්. රනිල් මේ වංචාවේ හවුල් කරුවෙක්. හොරෙක්... ජෙප්පෝ ඒ ගැන ප්‍රශ්න කරනවාද? ජෙප්පන්ට ඔවුන්ගේ කොටස හම්බ වුණාලු. වොඩ්කා වතුර කළාට මේවා බොරු කරන්න බැහැ...

:       7       9

sharm warnMonday, 15 November 2021 02:49 PM

බයියෙක් තප්පුලන හඬ

:       5       4

BamunuarachchiMonday, 15 November 2021 11:57 PM

බයියෝ ගැන කතා කොරනවා. බැංකු මංකොල්ලෙන් කීයක් ලැබුනාද?

:       0       0

Bandara Monday, 15 November 2021 03:12 PM

ඔයා තප්පුලන පැත්තත් අපි දන්නවා. පාටින් අන්ධ වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site