IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොහොට්ටුවේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 දා එළිදකී

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) පැවසීය.

විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය වන ප‍්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් විසින් තම පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරමින් සිටින බවත් මේ මස අවසන් වනවිට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස්කර අවසන් කරන බවත් ඔහු කීය.

පසුව ලබන මස මුල් සති දෙක තුළ මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.



අදහස් (14)

පොහොට්ටුවේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 දා එළිදකී

asanka Monday, 15 July 2019 09:18 AM

අනේ උන්නහලගේ ප්‍රතිපත්ති. අපි 2010-2015 කලේ හොදටම දැක්ක . නිතිය අතට අරන් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මර මර පවුල් පිටින් එකතු වෙලා හොරා කාපු විදිය අපිට හොදට මතකයි.

:       457       1154

sirimal Monday, 15 July 2019 09:53 AM

මහාචාර්ය තුමා නමට සභාපති. සුක්කානම තියෙන්නේ පක්ෂයේ සාමාජිකත්වය වත් ගත්තේ නැති වෙන කෙනෙක් අතේ නේද?

:       0       288

de silva Monday, 15 July 2019 09:58 AM

ඔය ප්‍රතිපත්තිය එළි දක්වන්න තව මාස 3 විතර යනවද ? එතකොට ඕව ක්‍රියාත්මක කරන්න අවරුදු 7-8 වත් යාවි..... ඕව කෙරෙන වැඩ නොවේ , ඉස්සෙල්ල ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න , එතකොට අපි දන්නවනේ එයාගේ ප්‍රතිපත්ති

:       22       225

BamunuarachchiMonday, 15 July 2019 02:18 PM

ඉතින් අරගොල්ලෝ අවුරුදු හතරාමාරක්ම නිදියන් ඉඳලා මාස 6 න් ගම්පෙරලියක් කරන්න හදන්නේ. ඉතින් කොහොමද මාස 3 ක් පරක්කු වෙන මිනිස්සුන්ට අවුරුදු 7-8 යන්නේ?

:       77       52

Ajith NissankaTuesday, 16 July 2019 12:23 AM

ඔය ප්‍රතිපත්තිය එළි දක්වන්න තව මාස 3 විතර ගියාට පවුල් පිටින් සංවර්දනයට එකතු වෙන නිසා ඔවුන්ගේ බඩවල් සංවර්දනය වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ !

:       0       1

දිමුත් Monday, 15 July 2019 10:01 AM

ඕවා ඉතින් කොලේට විතරක් සීමා වෙන දේවල්නේ. අවුරුදු ගානක් කලෙත් ඒකමනේ.

:       1       182

සනත් ඉතාලිය Monday, 15 July 2019 10:01 AM

අසංක කියන්නකෝ බලන්න 2015 -2019 ගැනත් මොනාහරි ඔයාගෙ වයසත් එක්කම

:       346       316

kap Monday, 15 July 2019 10:30 AM

ඉල්ලන එකා ගැන තාම තීරණයක් නැ. හැබයි ප්‍රතිපත්ති ප්‍රකාශනය එලියට දානවා . එකෙන්ම තේරෙනවා නේද මේ ලියවිල්ලේ පොරොන්දු වල කිසිම වැදගත් බවක් නැති බොරු තියෙන්නේ කියල . ඕකෙන් 10% සම්පුර්ණ කරොත් ඇති

:       5       266

Bamunuarachchi Monday, 15 July 2019 02:45 PM

දේශපාලනයේ ඔබයි මමයි නොදන්නා බොහෝ දේවල් තිබෙනවා. බුද්දගමේත් බුදුන් අපිට කියා නොදුන්න දේවල් බොහොමයි. එම නිසා ඉල්ලන කෙනා ඔබ නොදැන ගත්තා කියා අපිට කිසිම ප්‍රශ්නයක් නැත. පැන්සලයක් කොලයක් අරගෙන තිබුන රජයන් 2015-2019 කාලේ සම්පූර්ණ කල ප්‍රතිපත්තී හා පළමු රජය 2005-2015 දක්වා සම්පූරණ කල ප්‍රතිපත්ති, කොලයක ලියලා බලන්න කව්ද ප්‍රතිපත්ති ඉෂ්ට කරලා තිබෙන්නේ කියලා.

:       275       145

කාන්චනාTuesday, 16 July 2019 09:33 AM

2005ත් 2015 ත් අතර කාලය අවුරුදු 10යි. 2015 ත් 2019 ත් අතර කාලය අවුරුදු හතරයි. අවුරුදු හතර කාලේනෙුත් භාගයක් අයිති වෙන්නේ 2005 ත් 2015 ත් කරපු අයටමයි මොකද ජනාධිපති 2005 ත් 2015 ත් අතර හිටපු අයෙක්ම නිසා. ඉතින් මේ දෙක සමාන කරන්න හැදීම බමුණු මත දරන්නන්ට හැර මොලේ අබමල් රේණුවක් තරම්වත් ඇත්තෙකු කරන වැඩක් නොවේ

:       0       1

kapTuesday, 16 July 2019 10:20 AM

මෝඩයන් සමග තර්ක නොකරමි. ඔබගේ කතා මට අරහන්ය.

:       0       1

BamunuarachchiWednesday, 17 July 2019 02:41 AM

කාන්චනා රාජපකෂලා 2005 දී වැඩ පටන්ගත්තෙත් අවුරුදු 25 එජාපෙ වවාගෙන කාපු යුද්ධේ දිනලා. මොවුන්ට තාම ඔවුන්ගේ ජනාධිපති කවුද කියා තෝරා ගන්න බැරුව ඉන්නවා. රාජපක්ෂලා ජනාධිපත් අපේක්ෂක ප්‍රතිපත්තිත් අගෝ. 8 එලියට දානවා. ඔන්න ඔහොමයි එජාපෙ වැඩ. 2015 බලයට ඇවිත් රටට කරන්න තිබුන ගම්පෙරලිය කොරන්නේ දැන්.

:       1       0

menna Monday, 15 July 2019 11:45 AM

2020 ජනාධිපති වූ පසු අගමැතිව තෝරද්දී ආණ්ඩුවට පක්ෂ සුළු පක්ෂයක මන්ත්‍රී කෙනක්ව හෝ ජාතික ලැයිසුතුවෙන් එන පුද්ගලයෙක්වයි තෝරන්නේ කියල ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් හොඳයි. 19ට අනුව ජනාධිපතිගේ බලතල ගොඩක් අඩුවෙලාලුනේ. එකම පක්ෂයෙන් දෙන්නම ආවත් එකිනෙකට විශ්වාසයක් ගොඩනැගීමට පුළුවන් වෙතැයි මම හිතන්නේ නැත. එකම පක්ෂයකින් හෝ එකම සංධානයකින් පැමිණියද එකිනෙකාගේ කකුලෙන් ඇද ගැනීමෙන් රටට කරදර ගොඩක් වෙතැයි සිතමි. මොකද ජනාධිපතිගේ බලය අඩුවුවත් ජනධිපති පත්වෙන්නේ මහජන ඡන්දයෙන් බැවින් අගමැතිට දෙවැනි විය නොහැකියි කියා ඔහු සිතනු ඇත. ව්‍යවස්ථාවේ කොහෙවත් වැඩිම ආසන හිමි පක්ෂයේ නායකයා අගමැති කල යුතුයි කියා නැති බැවින් ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ලබා ගත හැකි මන්ත්‍රීව තෝරාගන්නව කියල දැම්මොත් හොඳයි. උපරිම විශ්වාසය කියන්නේ වැඩිම ආසන ගණනද?

:       0       40

saliya Monday, 15 July 2019 01:01 PM

අපිට ඕව තේරෙන්නෙත් නැහැ. මේ කපේ දී කෙරෙන්නේත් නැහැ. දැන්ම නොකියන එක හොඳයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site