(ඔගස්ටින් ප්‍රනාන්දු)
කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය අනියම් ඇසුර නතර කිරිම සම්බන්ධයෙන් ඇතිවූ කෝපයෙන් පසු ඇය හා තවත් කාන්තාවන් දෙදෙනකු හා පිරිමියකු තියුණු ආයුධයකින් කපා කොටා පලා ගොස් සැගව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද (14) දහවල් හලාවත නල්ලනායගම් වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
තුවාල ලද කාන්තාවන් අතර අනියම් බිරිද ඇගේ මව හා තවත් කාන්තාවක ද වෙනත් පිරිමියකු ද සිටිය බවත් ඔවුන් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇති බවත් කියයි.
මෙම සැකකාර මන්ත්‍රීවරයා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකි.
මෙම මන්ත්‍රීවරයා කාන්තාවක හා ඇසුරක් පවත්වා ගෙන ගිය අතර පසුව එකී කාන්තාව එම සම්බන්ධය නතර කිරිමෙන් කෝපයට පත්ව බංගදෙණිය කුම්ඹුට්ටුකුලියේ පිහිටි ඇගේ නිවසට ගොස් මෙම අපරාධය කර තිබේ.
සැකකරු මුන්නේශ්වරම නල්ලනායගම් වැව අසල පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් වත්තක සැගව සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර මන්ත්‍රීවරයා විවාහක 36 වන වියේ පසුවන අයෙකු බවත් කියයි. මිනිමැරීමට තැත් කිරිම තියුණු ආයුයකින් කපා කොටා බරපතල තුවාල සිදු කිරිමේ චෝදනාවන් මත ඔහු අද (14) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට