IMG-LOGO

පාතාලේ යතුරුපැදි ශූරයා අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක
  
කොළඹ වෙඩි තැබීමේ සිද්ධීන්  රැසකට  සම්බන්ධ පාතාලේ  යතුරුපැදිකරු  වන ‘‘පප්පා’’ නැමැත්තා මත්කුඩු හා  අත්බෝම්බ දෙකක් සමඟ  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කෙත්තාරාම  මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  බමුණු ආරච්චිගේ  දුමින්ද, හෙවත්  මොහොමඩ් සල්මාන් රිල්වාන් (28)  නැමැත්තා බවද   පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මොහු  මාලිගාවත්තේ ප්‍රබල පාතාල සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැඟව සිටින ‘‘කංජිපානි  ඉම්බ‍්‍රාන් ’’  නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මාලිගාවත්ත කෙත්තාරාමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු  සතුව හෙරොයින් ග‍්‍රෑම් 5 යි  මිලි ග‍්‍රෑම් 340 ක ප‍්‍රමාණයක් තිබී ඇත.



අදහස් (1)

පාතාලේ යතුරුපැදි ශූරයා අත්අඩංගුවට

සනත් ඉතාලිය Wednesday, 09 January 2019 08:31 AM

බමුණු ආරච්චිගේ දුමින්ද, හෙවත් මොහොමඩ් සල්මාන් රිල්වාන් (28) මැරුණාද?

:       55       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 308 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 489 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site