(නිමල කොඩිතුවක්කු)
පාකිස්ථානයේ දී සිදුවූ ශ්‍රීලාංකිකයාගේ කෘර ඝාතනය දැඩි සේ, හෙළා දකින බවත් මෙම අපරාධය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය සමීපව නිරික්ෂණය කරමින් අදාළ සිදුවිම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු කිරීම පිණිස පාකිස්ථානය වෙත රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් සමගි ජන බලවේගය විසින් නොකඩවා සිදු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරයි.
"පාකිස්ථානයේ සියල්කොත් හි දී ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කෲර ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සමගි ජන බලවේගයේ කම්පනයට හේතු විය.
සිය ආගමට අපහාස කිරීමේ චෝදනා මත හිංසනකාරී කල්ලියක් විසින් කුමාර මහතා වෙත කෲර ලෙස පහර දී මරා දමා ඇති බව මෙම සිදුවීමට අදාළ ප්‍රවෘත්ති වාර්තා මගින් පළ වේ. අප විසින් මෙම අපරාධය දැඩි සේ, විවෘතවම හෙළා දකින අතර, මෙම සිදුවීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.
අතිගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ද ඇතුළු පාකිස්ථාන නායකත්වය විසින් මෙම ප්‍රහාරය හෙළා දැක කුමාර මහතාගේ මිනී මැරුම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට හා විදේශිකයෙකු එල්ල කොට එවන් ප්‍රහාරයක් සිදු වීමට තුඩු දුන් හේතු ද විමසා බැලීමට පොරොන්දු වී ඇත්තේය යන කරුණ පිළිබඳව ද අපගේ අවධානය යොමුව ඇත. මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේදී මනා සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසද රටේ ජන ප්‍රජාවන් අතර එදිරිවාදී හැඟීම් උත්සන්න කිරීමට උත්සාහ කළ හැකි ජාතිවාදි දේශපාලන බලවේගයන් පිළිබඳව පරික්ෂාකාරී වන ලෙසද සමගි ජන බලවේගය සමස්ත ශ්‍රි ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී"යැයි ද එහි සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
769
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථානයේදී ලාංකිකයකු ඝාතනය කිරීම හෙළා දකිනවා
මහසෙන් Sunday, 05 December 2021 03:26 PM
පාකිස්ථාන අගමැති බයවෙන්න ඇති මේ නිවේදනය දැකලා. බැරිද තියෙන සම්බන්ධකම් එක්ක මොනවත් කරන්න...?
Neela Sunday, 05 December 2021 03:45 PM
සජිත්ගේ පුහු කතා හෙලා දකිනවා. හෙලා දැකීම තරම් ලේසි සහ ලිස්සා යාමේ ක්‍රමයක් නෑ නේද...?
අසංගMonday, 06 December 2021 09:17 AM
ඉතින් හෙළාදකිනවාට වඩා මොනව කරන්නද? පකිස්ථානයට ගිහින් එයාලට ගහන්නද කියන්නෙ
Bamunuarachchi Tuesday, 07 December 2021 06:48 PM
හරි සර්...