(විනීතා එම් ගමගේ)
නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්ගෙන් සිදුවූ විනාශයන් පිළිබඳව සොයා බැලීමට හා සාධාරණ හානිපූරණයක් සිදුකිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සිදුව මාස පහකට වඩා වැඩි කාලයක් ගතව ඇති බව ද, නිව් ඩයමන්ඩ් නෞකා අනතුරට වසරකට වැඩි කාලයක් ගතවී ඇති බව ද පෙන්වා දෙමින් 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විධිවිධාන ප්‍රකාරව, මෙම විනාශයට හේතු සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටි බව සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ලංකාදීපයට අද (17) පැවැසීය.
මේ සිද්ධීන් පිළිබඳ සොයා බලා කටයුතු කිරීමේ වගකීම ඇති රාජ්‍ය ආයතන ගොළුබෙලි ගමනින් කටයුතු කරන බව පෙනී යන බැවින් මෙම ඉල්ලීම කළ බව කී සභාපතිවරයා වගකිවයුතු රාජ්‍ය ආයතන තම රාජකාරී වගකීම සහ ව්‍යවස්ථාපිත රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී දක්වන අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙවන් පරිසර හානීන් තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ විෂමතා සහ අක්‍රමිකතා ගණනාවක්වම සිදුව ඇතැයි ද කියා සිටියේය.
ගිනිගෙන මාස පහකට වැඩි කාලයක් ගත වී ඇතත්, එම සුන්බුන් හේතුවෙන් ඇති වූ හානිය නිර්ණයකිරීම සහ වෙරළතීරය ද ඇතුළු සමුද්‍ර කලාපය පිරිසිදු කිරීම සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතනය ඒ පිළිබඳව අතිශය මන්දගාමී වගකීම් විරහිත හැසිරීමක නියැලී සිටින බවට ද ඔහු චෝදනා කළේය.
එසේම ශ්‍රී ලාංකිකයකුගේ නව නිෂ්පාදනයක් උපයෝගී කරගනිමින් ප්ලාස්ටික් කැබිලිති, ඉතා කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස්, තෙල් සහ ග්‍රීස් ඉවත්කිරීම සඳහා සරුක්කු වෙරල තීරයේ සාර්ථකව සිදුකල ක්‍රියාන්විතය අතර මග නවතාදමා, ප්‍රමාණයෙන් විශාල ප්ලාස්ටික් අංශු පමණක් එකතු කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම නව නිපයුම්කරුට උපදෙස් ලබාදීම කණගාටුවට කරුණකැයි ද නැව් ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා සිදුවන දූෂණ වැළැක්වීම, අවම කිරීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන අවසානයේදී අනුගතව සිටින්නේ ප්‍රමාණයෙන් විශාල ප්ලාස්ටික් පමණක් එකතුකර සමුද්‍ර කලාපයට සිදුව ඇති සත්‍ය හානිය වසන් කිරීම සඳහා කටයුතු කරන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
මෑත අතීතයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තීරය තුල විශාල වශයෙන් සිදුවු සමුද්‍ර දූෂණය වලින් එකක් වන 2020 සැප්තැම්බර් 03 වන දින ගිනිගත් පැනමාවේ ලියාපදිංචි වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් මේ දක්වාත් ශ්‍රී ලංකාවට කිසිදු වන්නදියක් ලැබී නැතැයි දාබරේ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව සමුද්‍ර දූෂණයේ ප්‍රතිවිපාකවලට දරුණු ලෙස මුහුණ දිය හැකි නමුත් එම ව්‍යසනයේ සෘජු හා වක්‍ර බලපෑම් මේ දක්වාත් නිසිලෙස හඳුනාගෙන සහ ගණනය කර නොමැතිවීම කණගාටුවට කරුණකැයි ද, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වීමට නම්, අනපේක්ෂිත ව්‍යසනයන්ට මුහුණදීම සඳහා දැනට පවතින නීති හා ප්‍රතිපත්තිවල හිඩැස් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සහ මෙවැනි ව්‍යසනයන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැංවීම අත්‍යවශ්‍ය වන බවද සභාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ නිව් ඩයමන්-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්ගෙන් වූ හානි පූර්ණයට කොමිසක් පත් කරන්න‘