IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දේශපාලනය ගැන විතරක් හිතන පිරිසක්

(යොහාන් භාසුර)

දේශපාලනය ගැන විතරක් හිතන රට ගැන නොහිතන පිරිසක් රට තුළ තවත් ‘කොවිඩ්’ රැල්ලක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා පවසයි.

තවත් කොවිඩ් රැල්ලක් හදලා මේ රට නැවත වහගා මේ ඇතිවෙලා තියෙන ප්‍රබෝදය සහ පුනර්ජීවය නැති කරන්න කිසියම් හෝ පිරිසක් උත්සාහ කරන බව කී සාගර කාරියවසම් මහතා නැවත කොවිඩ් රැල්ලක් නිර්මාණය නොකරන ලෙස විපක්‍ෂයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එම පුද්ගලයන් රටේ ජනතාවට දුක දීලා, ජනතාවගේ බඩට ගහලා ජනතාව බඩගින්නේ තියලා බලය ලබාගන්න කටයුතු කරන්නේ නම් එය ඉතාමත් කණගාටුදායක තත්වයක් බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

 



අදහස් (8)

දේශපාලනය ගැන විතරක් හිතන පිරිසක්

ravin Tuesday, 16 November 2021 07:42 AM

මේ රටක් ගැන හිතන උදවියනම් තම තමන්ගේ සුකවිහරණ කොයිම අවස්ථාවකවකවත් අත් හැරියද.?

:       0       1

sharm warn Tuesday, 16 November 2021 10:03 AM

''ජනතාවට දුක දීලා... ජනතාවගේ බඩට ගහලා... ජනතාව බඩගින්නේ තියලා'' මේ කියන්නේ ලොක්කා කරන දේවල් කියලා අමතක උනාද.? ලේකම් පට්ටම නැති කර ගන්නද හදන්නේ.?

:       0       1

කිරි පුතා Tuesday, 16 November 2021 10:33 AM

මේ සියල්ලට හේතුව තමාගේ මොළයෙන් නොසිතා දේශපාකයන්ගේ මොළයෙන් හිතන ජනතාවක් සිටීමයි. ඔවුන් හැමදාම බලන්නේ පක්ෂයක් දෙස මිසක් රට දෙස නොවේ.

:       0       1

Hafeel Tuesday, 16 November 2021 11:00 AM

රටේ ජනතාව ගැන කනගාටු, අනුකම්පා එහම තියනවා නම්, චන්ද සමයේ පොරුන්දු වුනු පරිදි පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කලාද? අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනාවද? විදේශ සමාගම්වලට විකුනපු දෙපළ නැවත ගත්තද? හකීම් රිශාර්ඩ්ලාගේ කන්ඩාඩායමෙහයෝග ගන්න නැහැ කියමින් ඇයි ගත්තේ?

:       0       1

kamal Tuesday, 16 November 2021 11:21 AM

රට ගැන විතරක් හිතලා මන් දෙහ්සපාලන පක්ෂයකට බැඳුනා .මන් වගේ රට ගැන විතරක් හිතලා කටයුතු කරන්න .ඇදේට යන කකුළුවා පට්ටියට කිව්වාලු

:       0       4

wahaldeepe Tuesday, 16 November 2021 11:36 AM

රට ජාතිය ආගම ගැන හිතනවානම් උඹ ඔතන ඉන්නේ නෑ

:       0       7

දාස Tuesday, 16 November 2021 11:56 AM

ඔය දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත. අපිට තවත් බයිල ගහන්න අවශ්‍ය නෑ.

:       0       8

Nuwa Tuesday, 16 November 2021 02:25 PM

මිස්ට කාරියවසම්... අපි හඳේ හිටිය නම් ඔයා කියන කතාව පිළිගන්න තිබුණා.. මොකද එතකොට අපිට දේවල් දැනගන්න තියෙන මාධ්‍යයකට තියෙන්නෙ පෘථිවියෙ පාලක මැදිරිය විතරයි. වෙලාවට අපිත් ඉන්නෙ මේ ඔහේ ඉන්න රටේම තමයි... එකත් එකටම සාගර කාරියවසම් කක්ෂගතවෙලා වගේ මේ කතාවලින් පේන්නෙ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site