(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී යොමුවූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
තේ වගාවට අවශ්‍ය පොහොර ලැබෙමින් පවතින බවත් තේ නිෂ්පාදනය ගිය වසරට වඩා මේ වසරේ ඉහළ ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
පොල්වලින්ද ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ මේ වසරේ දී බව පැවසූ අමාත්‍යවරයා ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙන බවද සඳහන් කළේය
රබර් වලින්ද මේ වසරේදී ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
තේ ආදායම වැඩ නොවුණට ස්ථාවර මට්ටමක පවතින බවද හෙතෙම සඳහන් කළේය .අපනයන කෘෂි කර්මාන්තයේ වැඩිම ආදායම ලැබෙන්නේ මේ වසරේදී බවත්එය ඩොලර් මිලියන 800ක ආදායමක් බවත් ඔහු පැවසුවේය.
රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් රමේෂ් පතිරණ මහතා පැවසුවේ ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස කටයුතු කරන බවයි .
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තේ’ පොහොර ළඟ ළඟම එනවා
Maiththreepala Saturday, 20 November 2021 08:11 PM
පිට රට ගිය අය ඉක්මනින් සල්ලි එව්වොත් මේ දෙය කල හැකියි
Rohana Saturday, 20 November 2021 09:59 PM
රට වැටීමත් ලග ලගම එනවා.
Kumara Hemantha Sunday, 21 November 2021 06:04 AM
බොරු කියන්න එපා හාදයෝ
sarath Sunday, 21 November 2021 06:28 AM
අයි මේවා ප්‍රමාධ කලේ ?දුර දිග නොබලා ගත්ත මෝඩ තීරණ නේද ?
siri Sunday, 21 November 2021 08:03 AM
ඔව් ,ඔක්කොම ලංවෙනවා චන්දෙත් ලංවෙනවා .කට්ටියට ගෙදර යන දවස ලංවෙනවා
de silva Sunday, 21 November 2021 08:20 AM
මොකද සර්ගේ කාබනික පොහොර දමලත් වවන එක්ස්පරිමන්ට් එක අවුල්ද ?අර ලංකාවේ මුහුදේ නැංගුරම් දමලා තිබෙන අසූචි නැවේ පොහොරත් හරි යන්නේ නැද්ද ?
Sunil Sunday, 21 November 2021 09:25 AM
ඒකත් රිවස් ,සිදුවන පාඩුව නම් පූර්ණය කරන්න බැරි වේවි
පිටිගල මිලානෝ Sunday, 21 November 2021 12:16 PM
අසූචි පෝර නැව ගැනද මේ කියන්නේ..?
ගොවිරාළSunday, 21 November 2021 01:55 PM
මහින්දානන්ද කියලා තිබුණා චීන පොහොර නැවේ පොහොර වලට ගෙවලා ගන්නවා කියලා.. මෙයා කියන්නේ ඒකම වෙන්න ඇති.