IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තවුහීත් ජමාත් ලේකම් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සොයයි

(නිමන්ති රණසිංහ)

තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (10) කරුණු වාර්තා කර ඇත. 

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගීවෙමින් තහනම් සංවිධානයක් වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නැමැත්තා පිළිබදව තමා නොදන්නා බවත්, අයිඑස් ත‍්‍රස්ත සංවිධානය පිළිබදව කැමැත්තක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබිණැයි පොලිසිය කියයි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 වන වගන්තිය යටතේ සහ 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (තාවකාලික විධිවිධාන) 2, 3, වගන්ති යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව මෙහිදී ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



අදහස් (10)

තවුහීත් ජමාත් ලේකම් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සොයයි

කරුණාපාල Wednesday, 10 July 2019 06:52 PM

මහා එකා ගැන අමුතුවෙන් මොනවා හොයන්නද මහත්තයෝ? අපිට තේරෙන ටිකවත් ඒ අයට නොතේරෙන එකනේ මෙතන තියන ප්‍රශ්නේ? කාගේ බළල් අතක්ද මේ..? අපරාදේ කියන්න බැහැ මොනවා වුනත් බළල් තඩියා කොස් ඇට විතරක් නෙමේ, ගෙඩිය පිටින්ම බාලා දුන්නා එයාට...

:       0       47

hira Thursday, 11 July 2019 02:10 AM

මෙයා ගැන හොයන්න දෙයක් නැහැ. රියල් පිග් තමයි..

:       4       59

massaThursday, 11 July 2019 05:37 AM

පොර රට පනින කන් මෙයාලා හොයහොයා ඉඳීවි. අමිත් වීරසිංහට ක්‍රියාත්මක නීතිය රාසික්ට ක්‍රියාත්මක නැහැ...

:       16       235

Amila Thursday, 11 July 2019 03:48 AM

මුලින්ම මේ පුද්ගලයා කරන දේශනා සහ වැඩසටහන් තහනම් කරන්න. මොහුම තමයි පාර්ලිමේන්තුවේ කමිටුව ඉස්සරහ කිව්වේ උසස් පෙලින් පස්සේ දේශනා පටන් ගත්තා. නමුත් මට කිසිම ආගමක් ගැන ඩිප්ලෝමා එකක් වත් නෑ කියලා. ආණ්ඩුවට ඒක කරන්න බැරි නම් මධ්‍යස්ථ මුස්ලිම් ජනයාවත් දැනගතයුතුයි. මෙවැනි පුද්ගලයන් දේශනා හෝ වැඩසටහන් කරන්න එද්දී පොල්ලකින් හරි ගහලා එලවන්න.

:       0       165

NuwanThursday, 11 July 2019 05:53 AM

මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවක් ඉන්නවද කියන එකත් සැකයි. හරියට වශී මන්තරයකින් වශීවෙලා වගේ...

:       27       94

AmilaThursday, 11 July 2019 06:54 AM

ඕනෙම කාණ්ඩයක් අතර අන්තවාදීන් ඉන්න පුලුවන්. බොහෝ වෙලාවට මෙම කන්ඩායම් මතුවෙන්නේ කුල පීඩනය සහ අවබෝධයකින් තොරව ආගම ඔලුවට ගත්තහම වගේ දේවල් එක්ක. උතුරේ ප්‍රභාකරන් දකුණේ විජේවීර එවෙනි කුල පීඩනයත් එක්ක මතුවුන අය සහ විනාශකාරි කණ්ඩායම්. ඔවුන් එහෙම කරා කියලා සියලුම දෙනා අන්තවාදී ත්‍රස්තවාදීන් නෙමේනේ. නුමුත් අන්තවාදී කණ්ඩායම්වලට ඕන ඔබ වගේ සිතන අය. මොකද ඔවුන්ගේ ගොඩ වැඩි වෙන්නේ අනිත් කණ්ඩායම් හැසිරෙන ආකරය අනුව. උදාහරණයකට උතුරේ ප්‍රභාකරන්ට දෙමළ බහුතරය තුල විරෝදයක් තිවුනා නුමුත් අපේ දකුනේ මෝඩ පාලකයෝ එවකට කරපු තුප්පහි වැඩ නිසා වුනේ බොහෝ පිරිස් ඒ පැත්තට තල්ලුවීම. අන්තිමට ඉතින් අවුරුදු 30ක් යනකන් රටට ඒක හිසරදයක් වුනා. දැන් මේ ප්‍රශ්නෙදිත් දේශපාලනය කරන අයට ඕනත් ඒවගේ දෙයක් නිර්මාණය කරගන්න. හේතුව ඔවුන්ටත් ඒකෙන් ලැබෙන වාසිය. නිකමට හිතන්න ඔය තිස්වසර තුල වුන එක මහජන මුදල් සොරකමක් හෝ අන්තවාදීන්ට බැර කරලා කරපු මිනීමැරීම් අහුවුනාද මිනිස්සු ඒවා ගැන ප්‍රශ්න කරාද ? නෑනේ. ආන්න ඒ වාතවරණයයි ඔවුන් බලාපොරුත්තු වෙන්නෙ මොන පක්ෂෙ අය වුනත්. ඒක නිසා මොලේ පාවිච්චි කරලා වැඩකරමු.

:       0       4

sugath premalal Thursday, 11 July 2019 04:25 AM

අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ.. ඔය හැමෝම එ් විනාශයට උඩ ගෙඩි දුන්නා ආයි...

:       1       49

Indu Thursday, 11 July 2019 04:33 AM

මෙයා ගැන හොයන්න දෙයක් නෑ. අල්ලලා දාපියව් ඇතුළට. සමාජයට විෂබීජයක්..

:       5       121

සේන Thursday, 11 July 2019 05:18 AM

මොහු පැහැදිලි ගෝත්‍රිකයෙකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ප්‍රසිද්ධියේ නිඝා කළ සිව්පාවෙකි. ⁣කරුණු රැස්කරගෙනවත් සිටින්න. මේ නිවට නියාලු පාලනය තුළ නිලධාරීන්ට නිවැරදිව රාජකාරි කළ නොහැකිව ඇත. නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම වල් වැදී ඇති වග ඉතා පැහැදිලියි. කිසියම් දිනෙක මොවුන් දඬුවම් විඳිනු ඇත. එය ස්වභාවික න්‍යායයි...

:       2       59

Anu Thursday, 11 July 2019 05:21 AM

අන්තවාදී ඉතා සුළු පිරිසක් නිසා ඉස්ලාම් සමාජයටම ඉමහත් කැළලක් වෙලා. ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකෙම ඉස්ලාම් සමාජය ගැරහුමට ලක්වුණේ මේ සුලුපිරිසකගේ අන්තවාදී අදහස් සහ ක්‍රියාවන්. මොවුන් මුළු මහත් සමාජයටම පිළිලයක්. නමුත් හොඳ යයි සම්මත පිරිස් ඉදිරියට නෑවිත් කටපියාගෙන සිටීම නිසා මුළු සමාජයම මෙයට වගකිය යුතුයි කියලයි... මා ඇතුළු බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ...

:       0       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site