IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ත්‍රිරෝද රථය පෙරැළී තිදෙනෙක් මරුට-දෙදෙනෙක් රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ මල්ලැහැව මාර්ගයේ කොට්ටල ප්‍රදේශයේ දී කාන්තාවක පැදවූ ත්‍රිරෝද රිය පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීමෙන් එම කාන්තාව හා ඇගේ දරු දෙදෙනා මරණයට පත්ව තවත් යුවළක් තුවාල ලබා ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ මිය ගිය කාන්තාව හා දරු දෙදෙනා ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම පිරිස තවත් යුවළක සමඟ කුරුණෑගල බලා ගමන් කර ඇති බවත් කිසියම් හේතුවක් මත මාර්ගයෙන් ඉවතට ගිය ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී කුඹුරකට පෙරළී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් ත්‍රිරෝද රථය සුන්බුන් ගොඩක් බවට පත් වී ඇත.

තුවාලකරුවන් වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇති අතර කාන්තාව හා වයස අවුරුදු එකහමාරක සහ නවය හමාරක පිරිමි දරු දෙදෙනා එහි දී මරණයට පත් වී ඇත.බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් කාන්තාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඇගේ සැමියා සුළු තුවාල ලබා දිවි බේරා ගැනීමට සමත් වී ඇත.

මරණ පරීක්ෂණ අද වතුපිටිවල මූලික රෝහලේ දී රෝහලේ දී පැවැත්වීමට නියමිත ය.

මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථය  පාරෙන් ඉවතට පැන කුඹුරට පෙරළී ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවෙන් ද හෙළිවූ බව පොලිසිය සඳහන් කළේය.

වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ත්‍රිරෝද රථය පෙරැළී තිදෙනෙක් මරුට-දෙදෙනෙක් රෝහලේ

ජගත් ලියනගේ Sunday, 12 July 2020 11:33 AM

ත්‍රිරෝද රථයක් කාන්තාවක් විසින් ඔච්චර දුරක් පදවාගෙන යෑම කොහෙත්ම සුදුසු නැහැ. මොකද කුරුණෑගල කියන්නේ සෑහෙන දුරක්... ඔය ගැන ඔවුන්ට අවවාද කරන්න කරන්න හිටපු නැති එක කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 769 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site