
(විමුක්ති එස් රුද්‍රිගු)
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 289.24 වූ අතර විකුණුම් මිල 299.49 ලෙස සටහන් විය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 310.85 ලෙස සටහන් වීම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක වෙබ් අඩවියක අද (04) දින යාවත්කාලීන කළ විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් ලෙස සටහන් විය.තවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 314 ලෙස සටහන් විය.
අනිකුත් ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු වල දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 299 ක අගයක් ගනු ලැබීය.


2025 දෙසැම්බර් මස 04
353
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට
Lalith M Monday, 04 April 2022 02:07 PM
මේ රාජපක්ෂ පවුල රටට කළ දේ...!