IMG-LOGO

ටී 56 පතුරොම් 20ක් - විද්‍යුත් උපකරණ කිලිනොච්චියෙන් සොයාගනී

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසළ ගෙවත්තක තිබී  ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද(29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.
         
යකඩ ද්‍රව්‍ය සමඟ පතුරොම් 20 ක්, ජංගම දුරකථන හයක්, ඩිජිටල් කැමරා දෙකක්, දුරදක්නයක්, හඬ පටිගතකිරීමේ යන්ත‍්‍ර කිහිපයක්, ඉස්ලාමීය ආගමික පොත් හා පුපුරාගිය ආර්. පී. ජී පතුරොමක කොටසක් සොයාගත් බව ආරක්ෂක අංශ කියයි.
 
යුද හමුදාව හා පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
 
සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථවේ යකඩ එකතුකරන පුද්ගලයා එහි නොසිටි බවද ආරක්ෂක අංශ සඳහන් කළේය.
         
සොයාගත් උපකරණ වෙනත් ස්ථානයක සිට මෙම ස්ථානය වෙත මෑතකදී රැගෙනවිත් ඇති බවට සිදුකළ පරීක්ෂාකිරීමේදී අනාවරණය වූ බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.
         
සෝදිසි මෙහෙයුමේදී සොයාගත් උපකරණ හා පතුරම් කිලිනොච්චිය පොලිස් ස්ථානයට භාරදීමට නියමිතය.
 
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

ටී 56 පතුරොම් 20ක් - විද්‍යුත් උපකරණ කිලිනොච්චියෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site