
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජී.එස්.පී ප්ලස් ලබා ගැනීමේ කොන්දේසි සපුරා ගැනීම සඳහා අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදාල නියෝජිතයන්ට දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
ජී.එස්.පී ප්ලස් පරිත්‍යාගයක් නොවන බවත් එය ගිවිසුමක් බවත් ඔහු පැවසුවේය.
ඇමැතිවරයා එසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ජී.එස්.පී ප්ලස් අහිමි කළ හොත් ඉන් පාඩු වන්නේ රජයට නොවන බව පැවසූ ඇමැතිවරයා මේ රටේ දිළිඳු ජනතාවට බවද කීවේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බැට කෑ ධීවර ජනතාවට ජී.එස්.පී ප්ලස් ලොකු සහනයක් බවද ධීවර නිෂ්පාදන පිටරට යවන්නේ ජී.එස්.පී ප්ලස් හරහා බවද ඔහු පැවසුවේය.
ජී.එස්.පී ප්ලස් අහිමි කිරීම සාධාරණ ප්‍රතිපත්තියක් නොවන බවද පීරිස් මහතා කියා සිටියේය.
ජී.එස්.පී ප්ලස් අහිමි නොවනු ඇතැයි තමාට විශ්වාසයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් කළ යුතු දේ කරගෙන යන බවත් ඔහු කීවේය.
ජී.එස්.පී ප්ලස් සම්බන්ධ සියලු තොරතුරු බ්‍රසල්ස් නගරයට යොමු කර ඇතැයිද විදේශ කටයුතු ඇමැතිවරයා පැවැසීය
මේ රටට ආයෝජන ලබාගත හැකි බවත් ආයෝජන ගලා ඒමට දිරිගැන්වීම් කළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
සංචාරක ඇමැතිවරයා සහ තමා ලබන සතියේදී යුරෝපයේ සියලුම තනාපති තනාපති කාර්යාල අමතන බව පැවසූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි එහිදී ඉල්ලීමක් කරන බවද පැවසුවේය.
අලුත් විදියේ සංචාරකයින් අද රටට පැමිණෙන බවද ඔහු කීවේය.
මොන ප්‍රශ්න තිබුණත් රටේ අපනයන ආදායම කඩා නොවැටුණු බවත් අපනයනය සඳහා අගය එකතු කිරීම ඊට බලපෑ බවත් මහාචාර්යවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
292
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
414
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජී.එස්.පී ප්ලස් ගැන ඇමැති ජී. එල් මැතිසබයට කියයි
ravin Friday, 19 November 2021 12:46 PM
මුල, මැද හා අග ගැලපුවොත් තේරුම.?
සෙනෙවිරත්න Friday, 19 November 2021 02:51 PM
අර ජී එස් පී නතර කලාම පාඩුව රජයට නොවන බවත් දිළිඳු අයට බවත් කියන කතාවෙ අර්ථය කුමක්ද ? රජය දිළිදු ජනතාවගේ වගකීමෙන් ඈත් වෙලාද? දැන්වත් මේ පාලකයන්ගේ සැබෑ ස්වරෑපය මෙම අය බලයට ගෙන ඒමට වැඩිපුරම දායකත්වය දුන් දිළිඳු ජනතාව තේරුම් ගත යුතුය. රජයේ අවකල් ක්‍රියා නිසා මිස දිළින්දන්ගේ ක්‍රියා නිසා මෙය අහිමිව නොවන බවත් එම අවකල් ක්‍රියාවන්ගෙන් වාසි ලබන්නේ පාලකයන් බවත් ඇමති වටහාගත යුතුය. මෙවන් කතා කියන පාලකයන් කුමටද?
විපරමා Friday, 19 November 2021 03:57 PM
හරියට කරපු එක දෙයක් තියෙනවද. එහෙට මෙහෙට පැති මාරු කරපු එකනේ? කටින් බතල හිටවන්ඩ නම් කොයි දේස පාලුවත් රුසියා.