(මහේෂ් කීර්තිරත්න)
පාසල්වලට සියලුම ගුරුවරුන් ගෙන්වා ගැනීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍ර ලේඛනය ක්‍රියාත්මක නොකර මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනම චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් ගුරුවරුන් සියලු දෙනා පාසල්වලට පැමිණිය යුතු බවට නියම කර ඇති හෙයින් ගුරුවරුන් දැඩු අපහසුතාවයට පත්ව සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද(12) පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ දි මාධ්‍ය හමුකට එක්වෙමිනි.
අධ්‍යාපනය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනය අනුව පාසල්වල කාලසටහන හෝ වෙනත් රාජකාරි වගකීම් පවරා නැති ගුරුවරුන් පාසල්වලට නොකැඳවන ලෙසක් කාලසටහන් ඇති ගුරුවරුන් පමණක් කැඳවිය යුතු බවට එම චක්‍ර ලේඛනයේ සඳහන් බවද දිසානායක මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් කියාසිටියේ කිසියම් ඉගැන්විම් කටයුතු නොමැති නම් එම ගුරුවරයාට එදිනට පැමිණීම අවශ්‍ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් දන්වා තිබියදි පළාත් අධ්‍යාපන බලධාරින් විසින් වෙනම චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇති බවත් මේ නිසා ගුරුවරුන්ට පාසල්වලට පැමිණ නිකරුනේ කාලය ගතකිරීමට සිදුව ඇති බවත් මෙය අනවශ්‍ය දෙයක් බවත් දිසානායක මහතා පැවසිය.
මෙම තත්වය හමුවේ පාසල් ආරම්භ කිරීමෙන් පසු 5, 11 සහ13 ශ්‍රේණිවලට පමණක් අදාළව කර ඇති කාලසටහන අනුව ඊට අදාළ වන නොවන සියලු ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සමග පාසල පැවැත්වෙන පෙ.ව 7.30 ප.ව 3.00 දක්වා කාලය තුළ පාසල තුළ ඒකරාශි වී කාලය ගත කිරීමට සිදුවන බවත්, මෙය සමාජ හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන නිරෝධායන නීතිරීති උල්ලංඝනය වන අවස්ථාවක් බවත් පෙන්වා දෙන දිසානායක මහතා මෙම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනය අහෝසි කරන ලෙසත් එසේ නොකළෙහොත් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බවද දිසානායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
292
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
392
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චක්‍ර ලේඛන දෙකක් නිසා ගුරුවරු පීඩාවට