IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’’ගිවිසුම් ගැන ඇසූවිට මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට තොරතුරු දිය යුුතුයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දීමට ඇමතිවරුන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික්  පත්කළ මන්ත්‍රී (එජාප)රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .

ඇමතිවරුන්  පාර්ලිමේන්තුවට තොරතුරු දීම වළකින ගිවිසුම් ගැන මා කතා කරන්න කැමතියි.

ව්‍යවස්ථාවේ 43 වගන්තිය යටතේ ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. එය ක්‍රියාත්මක  කරන්නේ 4 වන වගන්තිය තුන්වන උප වගන්තිය යටතේයි.පාර්ලිමේන්තු කටයුතු ගැන අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.පාර්ලිමේන්තුවේ බලතල සියල්ල පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවද සඳහන්ව තිබෙනවා.මේ අනුව පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතින් ලබාදී ඇති වරප්‍රසාද වලට  අමතරව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිවාසිකම් ද අපට තිබෙනවා.ඒ සියළු වරප්‍රසාද සහ අයිතීන් රටේ සාමාන්‍ය නීතියේ කොටසක් බව ද සඳහන් වෙනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අයවැය දෙවන වර කියවීමේ පළමුදින විවාදයට එක් වෙමිනි .



අදහස් (5)

’’ගිවිසුම් ගැන ඇසූවිට මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට තොරතුරු දිය යුුතුයි’’

ravin Saturday, 13 November 2021 01:17 PM

සම්ප්‍රදායුනුකූලව මන්ත්‍රීවරු උත්තර සැපයූවත් මන්ත්‍රීවරු තොරතුරු සැපයිය යුතුයි කියා සිරිතක් නැහැ නේද? දන්නේ නැති හින්දයි මේ අහන්නේ...

:       13       1

RaveendraSaturday, 13 November 2021 02:20 PM

ආසියාවේ ඉන්න පරිනතම කෙනෙක් කියනවා නම් ඒක කිරිගසට අලවංගුවෙන් ඇන්නා ලෙසම නිවැරදි නොවේද?

:       5       10

චන්දන Saturday, 13 November 2021 03:41 PM

ඔය නීතිය 2019ට කලින් තිබුණේ නැහැ නේද?

:       11       5

NM Saturday, 13 November 2021 10:50 PM

ගෝඨාභය ජනාධිපතිවරයා පසුගිය දිනක ප්‍රකාශ කරන ලද්දේ වර්තමාන දේශපාලනය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ විපක්ෂය යළිත් රටේ බලය ලබාදීම විසඳුමක් නොවන බව සහ විකල්පයක් වශයෙන් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම ජනතාවගේ වගකීම බවත්ය. රටට වෙනසක් බලාපොරොත්තුව පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් ඔහුට ඡන්දය ලබාදී ජනධිපති කළ ජනතා රැල්ල මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් කරගත්තේද රටට වෙනසක් නොකළ හැකි කණ්ඩායමකි. ජනතාව බලාපොරොත්තු තබා සිටියේ ගෝඨාභය ජනාධිපති වූ විට වෙනසක් ඇති වනු ඇති බවයි. නමුත් එය සිදුකර ගැනීමට ඔහුට පිරිසිදු කණඩායමක් පාර්ලිමේන්තුවට පත්වුයේ නැත. එමනිසා ජනාධිපතිවරයාත් මේ වනවිට යම් ආකාරයක කලකිරීමකට පත්ව තිබේ. දූෂිත ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පත්වීම නිසා ඔවුන් පත්කරගන්නෙත් දූෂිත නිලධාරීන්ය. එවිට රටට කිසිඳු වෙනසක් ලබාදිය නොහැක...

:       1       0

NM Saturday, 13 November 2021 10:50 PM

එවිට රටට කිසිඳු වෙනසක් ලබාදිය නොහැකිය. එමනිසා ඉදිරි මැතිවරණවලදී කවුරුන් හෝ පත්වන ජනාධිපතිවරයාට රටට වෙනසක් වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා අලුත් කණඩායමක් ලබාදිය යුතුවේ... මේ වනවිට ජනතාවගේද බලාපොරොත්තුව රට බාරදිය යුතුවන්නේ අලුත් කණ්ඩායමකට බවයි. එම කණඩායම මානුෂික, අවංක විශ්වාසනීය වරප්‍රසාද පසුපස නොයන අරමුණක් සහිත කණ්ඩායමක් වීම වැදගත් වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින අත්දැකීම් බහුල නායකයකු වන නිසා යුගයේ කැපිපෙනෙන වෙනසක් කිරීමට ඔබතුමාගේ නායකත්වය අතිශයින්ම වැදගත්වන අදිවිතීය මොහොතකට ශ්‍රී ලංකාවම පැමිණ තිබේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site