IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කාසල්රී ජලාශයෙන් තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

( රංජිත් රාජපක්ෂ)

නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මළ සිරුර කාසල්රි ජලාශයේ තිබි  අද (17)  පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙසේ ගොඩගනු ලැබුවේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නැමති (20) හැවිරිදි තරුණයෙකුගේ සිරුර බව පොලීසිය කීවේය.

කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනැමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුගළක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.

අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුගළ  හදුනාගැනිමෙන් අනතුරුව කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කල අවස්තාවේ තරුණයාගේ සිරුර ජලාශයේ තිබි ගොඩගෙන ඇත.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.



අදහස් (0)

කාසල්රී ජලාශයෙන් තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site