(ඉන්දිකා රාමනායක)
කොළඹ රීඩ් මාවතේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් අවන්හලක් තුළ අද (20) අලුයම පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා පැවසීය.
තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ මෙම හෝටලය පිහිටා ඇති අතර ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදු සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.
ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුඳුවත්තේ අවන්හළක පිපිරීමක් - වීඩියෝ
පිටිගල මිලානෝ Saturday, 20 November 2021 09:47 AM
හොයාපල්ලකෝ මහ මොලකරුවා දැන්... !
විපරමා Saturday, 20 November 2021 05:00 PM
දූෂිත බලලෝභයින්ට මේ වගේ සුලු ගේම් වලින් වැඩක් නැහැ. ලොකු ලොකු ගේම් ගහන්නේ බලය අල්ලගන්න හිතාගෙන... ලෝකෙම දන්න දෙයක්නේ...
kamal Saturday, 20 November 2021 03:47 PM
කාලයක් වහලා තිබ්බ ව්‍යාපාර පාඩු වෙනවා. රක්ෂණ මුදල්වලින් හරි ඒවා ගොඩගන්නත් එපෑයෑ..
gamiyekSaturday, 20 November 2021 08:03 PM
නගරයටම පමණක් සීමාවූ මැක් ඩොනල්ඩ් රෙස්ටුරන්ට් ගිනිගන්න තුරු මැක් ඩොනල්ඩ් පිලිබදව ගමේ අප දැන සිටියේ නැත
හිටංහුටං Saturday, 20 November 2021 09:06 PM
ඉස්කෝලෙ දවසක් නම් හිතාගන්නවත් බැහැ ජීවිත හානි... රෝයල් එකේ සෑහෙන ළමයින් සහ දෙමාපියන් සංඛාවක් මේකෙන් ආහාර ගන්නවා.
agith Saturday, 20 November 2021 11:42 PM
ගෑස් ටැංකි පිරිවෙන් කීපයක්ම මේ ළඟ ළඟ වුණා වගේ මතකයි.මේ දවස්වල තියෙන්නෙත් ලිට්රෝ ගෑස් විතරයි. ටැංකි ආරක්ෂිතභාවය පිළිබඳව සමාගම සහ රජය විසින් සොයා බලනවා නම් හොඳයි කියලා හිතෙන්නේ
Pitigala milano Sunday, 21 November 2021 08:30 AM
අනේ ජනපති තුමනි මේ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරා ගන්න
IshanSunday, 21 November 2021 09:50 AM
ත්‍රස්තවාදය කෙසේ වෙතත් ජනපතිගෙන් රට බේරගන්න වෙලා තියෙන්නෙ දැන්
ගමේ එකාලාSunday, 21 November 2021 04:03 PM
බලලෝබි, දූෂිත පවුල් පාලන ආණ්ඩුවෙන් රට බේරගන්නයි දැන් වෙලා තියෙන්නේ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි....