
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදි කර ගැනීමට අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
තවද කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළේ අදියර 1 හා 2 යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 123ක් හා මාලිගාපිටිය කඩකාමර 12ක් දීර්ඝකාලීන බදු ක්‍රමය යටතේ නිවැරදි ක්‍රමවේදයකින් තොරව ලබාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
මෙම තොරතුරු අනාවරණයවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ය.
මෙම ඉදිකිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් බවට මහ නගර සභාව අර්ථ දක්වා තිබුණද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බව කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය විය.
එසේම කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ ඇස්තමේන්තු මුදල ඉක්මවා සියයට 41ක් එනම් රුපියල් කෝටි 28 කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
පළමුව සකස්කළ ඉන්ජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් වී නොමැති බවද මෙහිදී සඳහන් විය . එබැවින් මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.
එසේම ඉලුප්පුගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම සම්බන්ධයෙන් ඇස්තමේන්තු දෙකක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජන විය.
මීට අමතරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මළු මිලදී ගැනීම පිළිබඳවද කෝපා කමිටුවේ අවධානය යොමු විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති පවසා ඇත්තේ අදාල පනත් විධි විධානවලට අනුව කටයුතු කර ඇති බවයි.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අශෝක් අබේසිංහ, ගුණපාල රත්නසේකර, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුද සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
604
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුණෑගල නගර සභාවේ වැඩ කෝපා කමිටුවේදී එළියට
පැරකුම් Sunday, 14 November 2021 07:53 PM
ඔය කමිටු වලින් මොනවා හොයාගත්තත් ඇති වැඩේ මොකක්ද? වෙච්චි වැරැද්ද හැදුවද? වැරැදි කළවුන්ට දඬුවමක් දුන්නද? නැහැනේ... නිකන් අපරාදේ අපේ සල්ලි ඔය වාර්තා ඔක්කොම අන්තිමට කුණුකූඩෙට යන්නේ...