IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කන්ටේනර් නිවසක් විනාශ කළැයි හම්බන්තොට නගරාධිපතිට එරෙහිව පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් තමාට සහ දරුවන්ට පහරදී  ජීවත්ව සිටි කන්ටේනර් නිවෙස විනාශ කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් යුක්තිය ඉටු නොවූ බවත් චෝදනා කරමින් කොල්ලුපිටියේ පදිංචිකරුවෙක් වන තුවාන් සලීම් මහතා ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාට අද (15) පැමිණිළි කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තුවාන් සලීම් මහතා සහ දරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පිටියේදී  අද විරෝධතාවක නිරත වූහ.
එම අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් ජනාධිපති කාර්යාලය වෙත ඔවුන්ව ගෙන ගොස් පැමිණිල්ල බාරගෙන එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට කඩිනමින් යොමුකරන බවට පොරොන්දු වී තිබේ.

තුවාන් සලීම් මහතා සහ දරුවන් නවදෙනා කොල්ලුපිටිය ගාලුපාරේ  10 වැනි පටුමගේ කන්ටේනර් නිවෙසක පදිංචිව සිට ඇති අතර එම නිවස පිහිටි ඉඩම වෙනත් අයෙකුගේ යැයි පවසමින් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු  කණ්ඩායමක් ගිනි අවි පෙන්වා තර්ජනය කර තමන් ඇතුළු දරුවන්ට පහරදී නිවෙසින් එළියට ඇද දමා පදිංවිව සිටි කන්ටේනර් නිවෙස එරාජ් ප්‍රනාන්දු මහතාට හිමි ආරක්ෂක ආයතනයට ගෙනවිත් ඇති බවත් තුවාන් මහතා පසුගිය 11 වැනිදා කොල්ලුපිටිය පොලිසියට පැමිණීලි කර තිබේ. 



අදහස් (4)

කන්ටේනර් නිවසක් විනාශ කළැයි හම්බන්තොට නගරාධිපතිට එරෙහිව පැමිණිල්ලක්

සමරේ Monday, 15 November 2021 06:15 PM

මේ එරාජ් ප්‍රනාන්දු ආරක්ෂා කිරීම මහින්දලා කරන ඉතාම බූරු වැඩක්. මංකොල්ල කාරයෙක් වෙනුවෙන් ගතයුතු පියවර නොගන්නේ මන්දැයි අපිත් හිතනවා.

:       0       7

Bamunuarachchi Monday, 15 November 2021 06:26 PM

ඉන්නේ කනටෙනර් එකක් ඇතුලේ, හැබැයි ඉන්නවා දුසිම් බාගයක් විතර. ඉතින් රටට මෙහෙම වෙන එකක් අහන්න ඕනෙද? අපේ ළමයින්ගේ සම්පත් මෙහෙම නාස්තිවෙනවා.

:       4       6

Bamunuarachchi Tuesday, 16 November 2021 07:39 AM

කන්ටේනරය ඉවත් කල එක හොඳයි නැතිනම් මෙතැ තව කන්ටේනර් ඉඳි වෙලා කන්ටේනර් ගමක් හදනවා?

:       1       0

Bamunuarachchi Wednesday, 17 November 2021 09:09 AM

කන්ටේනර් ගමුත් හැදෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site