(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිකරමින් මහ විරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් වවුනියාව මහේස්ත්‍රාත් එම්.එස්.සම්රූන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඇතුළු පුද්ගලයන් අටදෙනකුට තහනම් නියෝගයක් නිකුත් කළේය.
එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් අතුළු මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයන් වෙනුවෙන් නොවැම්බර් 20දා සිට 29 වැනිදා දක්වා සැමරුම් උත්සව සංවිධානය කිරීමට නියමිත බවත් එවැනි උත්සව ජාතික සමගියට බාධාවක් බවට පවසමින් 1979 අංක 15 අපරාධ නඩුවිදාන සංග්‍රහය යටතේ එම වැඩසටහන් තහනම් කරන ලෙස වවුනියාව පොලිසිය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලූ තහනම් නියෝගයට සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත්කරනු ලැබීය.
ඒ අනුව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් , යුද්ධයෙන් අතුරුදහන්වූන්ගේ සංගමයේ සභාපති කේ.ජයවනිතා , එම සංගමයේ ලේකම් ගෝපාල්ක්‍රිශ්ණන් රාජ්කුමාර්, හිටපු පළාත් සභා මන්ත්‍රී පි.සත්‍යලිංගම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් , අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයින් වන ගජන් ගජේන්ද්‍රන් , සෙල්වනායගම් අරවින්දන් , සුබ්‍රමණියම් තවබාලසිංහම් යන පිරිස වෙත මෙම තහනම් නියෝගය නිකුත්කොට තිබේ.
2025 දෙසැම්බර් මස 04
267
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටි විරුවන් සමරන්න ගිය මන්ත්‍රිට අධිකරණයෙන් තහනම් නියෝගයක්