
( තිළිණි ද සිල්වා )
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේවනවිට දෛනිකව ගුවන් මගී මෙහෙයුම් 12,000 ක් පමණ ඉක්මවා සිදුවන බව සංචාරක අමාත්‍යා ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කොවිඩ් වසංගතයෙන් පසු රට විවෘත කර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරිමත් සමග දෛනිකව කටුනායක ගුවන්තොටුපළේ සිදුවන මගී මෙහෙයුම් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 746,085 ක් සිදුව ඇති බවත් ඉන් 409,496 ක් පැමිණීම් වන අතර 336,589 ක් පිටව යාම් වන බවද අමාත්‍යවරයා කීවේය.
කොවිඩ් වසංගතය පැමීණීමට පෙර එහි වාර්ෂිකව ගුවන් මගි මෙහෙයුම් සංඛයාව මිලියන 10 ඉක්මවා තිබූ අතර මේ වන විට ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අවසන් විමෙන් පසු එහි මගි මෙහෙයුම් වාර්ෂිකව මිලියන 15 දක්වා ඉහළ දැමීමට හැකි වන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගි තදබදය අවම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේවනවිට ගුවන් තොටුපළ හා සෞඛ්‍ය බළධාරීන් එක්ව විශේෂ පියවර රැසක් ගත් බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
මේ වන වීට කටුනායක ගුවන්තොටුපළ හරහා දෛනිකව සංචාරකයන් ඇතුළු ගුවන් මගීන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් පැමීණෙන ගුවන් මගීන්ගෙන් සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ දි ප්‍රමාදයක් සිදුවන බවට පැමිණීලි ලැබී තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සංචාරක අමාත්‍යවරයාට උපදෙස් දී තිබුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඊයේ (17) කටුනායක ගුවන් තොටුපළේ දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහාතගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.
වැඩි වශයෙන් ගුවන් යානා පැමිණෙන කාර්යබහුල කාලයේ දි සෞඛ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ කවුළු ආශ්‍රිත ව විශාල මගී තදබදයක් ඇතිවන බවත් , ප්‍රමාණවත් නිලධාරීන් යොදවා නොතිබීම ඊට හේතුව බව එහිදී හෙළි වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
අදාළ සේවා වේගවත් කිරීමට තවත් නොබෝදිනකින් අලුතින් සේවයට එක්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 30දෙනෙකු ගුවන් තොටුපළ සේවයට යෙදවීමටත් , පුර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වු සංචාරකයන් ඇතුළු ගුවන් මගින්ගේ සෞඛ්‍ය ප්‍රකාශ පරීක්ෂා කිරිමට වෙනම කවුළු කීපයක් හා සෙසු ගුවන් මගීන්ට වෙනම කවුළු කිපයක් හදුන්වා දීමට ද මෙහි දී තීරණය විය.
එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන, ආගමන විගමන පාලක, රේගු බළධාරීන් මෙන්ම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන් තොටුපළ බළධාරීන් සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කටුනායක ගුවන්තොටේ දෛනික ගුවන් මගී මෙහෙයුම් ඉහළට
බද්රානි Thursday, 18 November 2021 07:40 PM
තක්කඩි බඩ තඩියා මේ අර අඳින්නේ, මොකක් හෝ මගඩියක් කරලා ගානක් පොකට් එකට දා ගන්න වෙන්න ඇති? පහුගිය සමයේ කොරෝනාව , ගරානාවක් කර ගත්තු, අමනයින් නිසා මේ ගුවන් තොටුපොල ජාවාරම් කරුවන්ගේ තිප්පොළක් බවට පත් උනා.