IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඓතිහාසික දිව්ලාන වැවේ සොරොව්ව කඩා වතුර ගනිති

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන වසර 200 කට වඩා පැරණි දිව්ලාන වැවේ ජලය පිට කිරීමේ දොරටුව නීති විරෝධීව කඩා නවගිරියාව වැවට ජලය නිකුත් කර ඇති  බව ගොවීහු පවසති.

දිව්ලාන වැව අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇතත් මෙහි ජල කළමනාකරණ කටයුතු සිදු කරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි.1875 වසරේ ග්‍රෙගරි ආණ්ඩුකාරවයා විසින් මෙම වැව ප්‍රතිසංස්කරණය කර තිබේ.ඉන් පසුව 1972 වසරේ දී මෙම වැව ප්‍රතිසංස්කරණය කර තිබේ.

සේනානයක සමුද්‍රය යටතේ නවගිරියාව වැව ඉදිකිරීමෙන් පසුව දිව්ලාන වැව නවගිරියාව වැවට යටවී ඇත. නියං සමයේ නවගිරියාව වැවේ ජලය අඩුවන කාලයක දිව්ලාන වැව මතුවන අතර අදත් එහි පැරණි වේල්ල,  සොරොව්ව පිටවාන දැක ගැනීමට හැකියාව ඇති අතර මෙම වැව පුරාවිද්‍යාත්මක වටිනාකමක්  ඇති වැවත් ලෙසද සැලකේ.

අම්පාර දිස්ත්‍රික්කයට පවතින නියං තත්වයත් සමඟ දිව්ලාන වැව නැවත මතුව ඇති අතර නවගිරියාව වැවේ ජල මට්ටම ඉතාමත් පහළ මට්ටමකට බැස ඇති අතර කලවංචිකුඩි වාරිමාර්ග නිලධාරීන් විසින් හිතුවක්කාර ලෙස දිව්ලාන වැවේ ඓතිහාසික සොරොව්ව කඩා නවගිරියාව වැවට ජලය රැගෙන ගොස් ඇති බව ගොවි ජනතාව පවසති.

වාරිමාර්ග නිලධාරීන් විසින් මෙම වැවේ ජලය නිකුත් කිරීමේ සොරොව්ව කැඩිමේදී අම්පාර දිසාපතිවරයාවත් දැනුවත් නොකර ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මෙම දිව්ලාන වැවේ සොරොව්ව පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සතුව පවතින  අතර මෙම කාර්ය කිරීමේදි පුරාවිද්‍යා දෙපාර්මේන්තුව දැනුවත් නොකල බව නැගෙනහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහින්ද කරුණාතිලක මහතා පැවසීය.

මේ පිළිබඳව වාරිමාර්ග නිලධාරීන්ගෙන් විමසීමේදී පැවසුවේ මෙම සොරොව්වේ හිරවී තිබූ ගලක් ඉවත්කළ බවයි.

මේ පිළිබවඳව කලවංචිකුඩි වාර්මාර්ග අධ්‍යක්ෂක එම්.එම්.පත්මනාදන් මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මෙම දිව්ලාන වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති අතර නවගිරියාව වැවේ වතුර අඩු නිසා ගොවි සංවිධාන සමඟ එක්ව සොරොව්වේ තිබූ ගල් ඉවත් කර නවගිරියාව වැවට ජලය ලබාගත් බවයි.

මේ පිළිබඳව විමසීමේදී අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා පැවසුවේ මාධ්‍යවේදීන් විසින් කරනලද විමසීමකදී තමන් මේ පිළිබඳව දැනුවත් වු බවයි.

ඉන් පසුව උහන ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කර කණ්ඩායමක් එම ස්ථානයට යවා  පවතින තත්වය පිළිබඳව වාර්තාවක් ගෙන්වා ගත් බවයි. ඒ අනුව දිසාපතිවරයාට නොදන්වා නිලධාරීන් විසින් කරන ලද මෙම කාර්ය පිළිබඳව වාර්මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දුන්   බවද දිසාපතිවරයා පැවසීය.

නිලධාරීන්ට හිතෙන ආකාරයට පෞරාණික වැවක සොරොව්ව කඩා වතුර ගැනීමට හැකියාවක් තිබේද යන්න සහ ඒවැනි දෙයක් කලහොත් පවතින නීතිමය තත්වය කුමක්දැයි තමන්ට පැහැදිලි කරන ලෙස දිසාපතිවරයා විසින් වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්වරායාට යවන ලද ලිපියේ සඳහන්ව තිබේ.

 

 

 

 

 

 

 



අදහස් (0)

ඓතිහාසික දිව්ලාන වැවේ සොරොව්ව කඩා වතුර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 467 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site