
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ගුවන්තොටුපොළ හරියාකාරව කළමනාකරණය කළහොත් ඔමික්‍රෝන් ප්‍රදේශයෙන් ගැලවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි ප්‍රභේදයක් පැමිණියහොත් අප වැනි කුඩා දිවයිනකට ඔරොත්තු නොදෙන බව පැවසූ සේනාරත්න මහතා එම වයිරසය පැමිණියහොත් කීදෙනකු ඉතිරිවේ දැයි කිව නොහැකි බවද පැවසුවේය.
රටේ එන්නත්කරණය ප්‍රමාදවූ හෙයින් රට විශාල අර්බුදයකට ගිය බවද රාජිත සේනාරත්න මහතා කීවේය.
කොවිඩ් පාලනයේ ලෝකයේ නරකම රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 58 වැනි ස්ථානයේ බව පැවසූ මන්ත්‍රීවරයා එය ඉතාම නරක තත්වයක් බවද ප්‍රකාශ කළේය.
එන්නත්කරණය පැත්තෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 39 වැනි ස්ථානයේ බවද ඔහු පැවසුවේය.
මේ සියල්ලට හේතු වූයේ විද්‍යාව පැත්තක තබා අවිද්‍යාව පස්සේ පැන්නූ නිසා බවත් විවිධ පැණිබී මුට්ටි දැමු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සමහරුන් කතානායකවරයාටද පැණි පෙව්ව බව ඔහු වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ඉදිරියේදී බෙහෙත් හිඟයක්‘‘
Bamunuarachchi Tuesday, 30 November 2021 06:55 PM
එහෙනම් පුළුවන් වෙයි, කල් පැනපු බෙහෙත් දින අලුත්කර රජයටම විකුනන්න. දැන් තහනම් වෙන්න ඇමති කමකුත් නැහැනේ.
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 07:21 PM
මෙයා කට ඇරියොත් කියන්නේ බොරුවක්. කෝ දැන් අර කරපු මාධ්‍ය සාකච්ඡාව. මේ ඔක්කෝම එකයි. රට කන අය...