ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත.
ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතරඑරට ප්‍රාන්ත රැසකින් මේ වනවිට වාර්තා ගත අයුරින් නව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.
ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තාවෙමින් තිබෙන අතර එම ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකක ඇඳන් ද රෝගීන් සඳහා ප්‍රමාණවත් නැතැයි වාර්තා වේ.
පසුගිය සති දෙකක කාලයේදී ඇමෙරිකාවේ ප්‍රාන්ත 30කට ආසන්න සංඛ්‍යාවකින් දෛනිකව වාර්තා වනආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් නව කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට බලධාරීන් අසමත් වී ඇතැයි දඇමෙරිකානු මාධ්‍ය පෙන්වාදෙයි.
කැලිෆෝනියා, හවායි, අයිඩහෝ, මිසුරි, මොන්ටානා, ඔක්ලහෝමා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් අඟහරුවාදාදිනයේදී වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා විය.
එයින් ද වැඩිම ආසාදිතයන් ගණනක්වාර්තා වූයේ ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලින් වන අතර එම ප්‍රාන්තවලින් අඟහරුවාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි.
පසුගිය සතියක කාලයේදී ඇමෙරිකාවේ ප්‍රාන්ත 24කින් වාර්තා වූනව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනේ, අනුපාතය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත.
ටෙක්සාස් ප්‍රාන්තයේ, වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන සංඛ්‍යාව පසුගිය සතියේදී දෙගුණයකින් වැඩි වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අති විශාල පිරිසක් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමුවෙමින්සිටිති. මේ තත්ත්වය හේතුවෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කිරීම සඳහා තවත් මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අයුරින් කොවිඩ්19 පරීක්ෂණවලට යොමු වීම සඳහා හූස්ටන් නගරයේ විශාල පිරිසක් සිය මෝටර් රථවලින් පැමිණ සිටිඅයුරු දක්නට ලැබිණි. එසේ පැමිණි අයගේ මෝටර් රථ 200කට ආසන්න පොලීමක් ද තිබිණි. පොලීමේ ඉදිරි ස්ථානයක්ලබාගැනීම සඳහා ඇතැම් පිරිස් පෙරේදා රාත්‍රියේ එම ස්ථානයට පැමිණ සිටි බව ද වාර්තා විය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 30 ඉක්මවයි