IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් 30 වැනි දා පාර්ලිමේන්තුවට

අංජුල මහික වීරරත්න
 
සියලුම ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීම සඳහා ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.


මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව හෑන්සාඩ් වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා ඒ අනුව මූල්‍ය බලය සෘජුව පාර්ලිමේන්තුව සතු බවද කීය.


29 වැනිදා අග්‍රාමාත්‍ය වියදම් කප්පාදු කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන බවද චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු නියෝග මත කටයුතු කරන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතැම් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.


කොළඹ අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (13)

ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් 30 වැනි දා පාර්ලිමේන්තුවට

sopi Monday, 26 November 2018 10:43 AM

ඇයි. ඇමතිවරුන්ගේ විතරක් මන්ත්‍රීවරුන්ගෙත් වියදම් කපා හරිමුකෝ .....

:       0       0

නිශානාත් Monday, 26 November 2018 11:18 AM

ලැජ්ජ බෙදන තැන පෝලිමේ හීනෙන්වත් ඉඳලා නෑ. අපි නම් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට මැස්සො වහන හින්දා නොවේ...

:       31       210

ranchagoda Monday, 26 November 2018 12:41 PM

ඇමැතිවරු වෙලා හිටිය කාලෙදි කළා නම් තමයි හොඳ... දැන් අනුන්ගේ වියදම්නේ කපන්නේ..

:       2       120

mangala Monday, 26 November 2018 12:46 PM

අන්න හරි මහත්තයෝ, ඕක ඔබලාගේ ආණ්ඩුවෙන් නොකළේ ඇයි? දැන්ද ඒවා කරන්න ඕනේ... හරියට හරි කරන්න ඊළඟට එන ආණ්ඩුවලටත් එක්ක. මන්ත්‍රීලගේත් වියදම් කපන්න නියමයි.

:       0       27

Bamunuarachchi Monday, 26 November 2018 12:50 PM

ඇමති මන්ත්‍රී දීමනා වැටුප් කප්පාදු කරන ගමන් කාර් පර්මිට් සමග පැන්ෂන් එකත් සම්පූර්ණයෙන් නවතා දමන යෝජනාවක් ගෙන එන්න. නැවත කිසිම රජයකට මේ වරප්‍රසාද දිය නොහැකි ආකාරයට යෝජනාව ගෙන එන්න.

:       0       28

V.warnakulasuriya Monday, 26 November 2018 03:01 PM

බමුණුආරච්චි මහතා පළ කරන අදහස් නිතරම එක් පාර්ශවයක් පමණක් වෙනුවෙන් අපි දකිමු. එහෙත් පළමු වතාවට කාටත් පොදුවේ හොඳ අදහසක් දැක්වීම ගැන අගය කළයුතුව ඇත. කිසිවෙක් මුදලට විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් මෙන් නොවි මෙහි අදහසක් පළවෙනවා නම් කාටත් සතුටුවිය හැකියි.

:       0       0

BamunuarachchiTuesday, 27 November 2018 02:14 AM

මහත්මයෝ මටත් දේශපාලන දර්ශනයක් තිබෙනවා. මගේ ඒ දර්ශනය මගේ රටට සිංහල ජාතියට බෞද්ධාගමට හිතවාදී එකක්. අපි කව්රුත් දන්නවා 1977 පසු රට බාර ගත්ත හැම දේශපාලකයාම ජනතාවගෙන් යැපෙන පහසුකම් සලසාගත්තබව දේශපාලනයට පැමිණීම ඇති විශාල ලබා දායක රැකියාවක් ලෙස සැලකුබව. නමුත් දවස අන්තිමේ බලන්නේ මේ සැප පහසුකම් ලබාගෙන කවද රටට සේවයක් කලේ කියා. එසේ බලනකොට මහින්ද මහතා ඉදිරියෙන්ම සිටිනබව පෙනෙනවා නේද? ඉතින් මම එතුමා වෙනුවෙන් කතා නොකර මගේ දේශපාලන දර්ශනයට අහලකින්වත් නොයා රනිල් ගැන කතාකොරන්නේ කොහොමද? මෙතන ලියනම් කිසිම කෙනෙක් මේ අවුරුදු 4 රනිල් මෙරටට මෙපමණ සේවයක් කළා කියා කියනවාද? කිසිවෙක් කියන්නේ නැත. ඒ කියන්න කිසිවක් කර නැති නිසා.

:       3       0

BamunuarachchiTuesday, 27 November 2018 02:37 AM

මහත්මයා නීතිඥයින් කුමන බොරුවකින් හෝ තම සේවාදායකයා දිනවීමට කටයුතුකරන බව දන්නා කරුණකි. මාව එ්තත්වයට ඇද දමන්න එපා. පොදු වශයෙන් හේතු දක්වන්නේ කොහොමද හේතුන් පරිස්සමින් ව්ග්‍රහ කරන කොට අනික් පැත්ත වෙනුවෙන් කියන්න කිසිම දෙයක් නැති කොට. ජනාධිපතිතුමා ගේ කතා දෙකම අහක දාන්න පුලුවනිද? ඒ කතා අපි අවුරුදු 4 මෙරටේ අත්වින්ද ඒවා නොවේද? අපි අත්වින්ද දේවල් හැරෙන්නට වෙන යමක් ජනාධිපති කතාවේ තිබුණාද? ජනාධිපති කලේ අපි අවුරුදු 4 වින්ද අත්දැකීම් වල සාරාංශය එකවර ඉදිරිපත් කර අපිට මතක් කර දීමයි. නැතිනම් පුනරික්ෂණයක් කිරීමයි. ඔබ ඊට එකඟ නැද්ද

:       1       0

විජිත් Monday, 26 November 2018 07:52 PM

බමුණු, ඔබගේ අදහස ඉතාමත්ම කාලෝචිතයි. මට මතක විදිහට නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාත් එතුමාගේ ප්‍රතිපත්ති ගැන කතාකිරීමේදී ඔවැනි ඉතාමත්ම ( රටවැසියන්ට ) වැදගත් අදහස් වගයක් කියලා තිබුනා.

:       4       35

කසුන් Monday, 26 November 2018 12:55 PM

මෙවැනි අය දේශපාලනයෙන් තුරන් කරන්න ඕනේ !!

:       4       107

සිරිබිරිස් Monday, 26 November 2018 02:25 PM

මේ කියන්නේ හැමදාටම නොවෙයි බහුතරයක් නොමැති පාලක පක්ෂයේ ඇමතිලා ගැනයි.

:       0       3

Bamunuarachchi Tuesday, 27 November 2018 02:41 AM

අනන් මනං නොකියා යන්න ඡන්දයකට. ගිහින් ජනතාව ඔබට තිබෙන කැමැත්ත උරගා බලන්න. ඇයි භය? මේගොල්ලෝ ඡන්දෙකට නොයන හේතුව වත් කියන්නේ නැත.

:       0       0

wasantha Tuesday, 27 November 2018 03:56 AM

ඇමති වියදම් කපන එක හොඳයි . මේ අයගේ වාහන වියදම් අමතර දීමන සියල්ල කැපිය යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 40 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 328 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1045 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 640 0

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 3180 7

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්
2025 පෙබරවාරි මස 07 163 0

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 26 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 108 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 837 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site