IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ආර්ථිකය ගොඩගන්න ජයිකා සහාය ජනපතිට

(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග  අද (16) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේදී  අද (16) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකිවූ බව ජනාධිපතිවරයා මෙහිදී  සිහිපත් කළේය.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය 1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ශ්‍රී ලංකාවට දායකත්වය ලබාදී ඇත . ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන, ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ  ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි. 

වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක  වන බව ජනාධිපති කාර්යාලය පවසයි. බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.

දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා  කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි , ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මෙරට නියෝජිත යමදා තෙත්සුයා යන මහත්වරුන් ඇතුළු
පිරිසක්ද සහභාගීවූහ.



අදහස් (3)

ආර්ථිකය ගොඩගන්න ජයිකා සහාය ජනපතිට

Prabha Tuesday, 16 November 2021 10:39 PM

කොමිස් නැති සංවර්දනය පලක් තිබේද.?

:       4       13

Sriyal Wednesday, 17 November 2021 09:04 AM

එතකොට ජයිකා මොනොට්‍රෙන් ව්‍යාපෘතියට මොකද වුණේ.

:       0       1

sharm warn Wednesday, 17 November 2021 09:36 AM

පව් වැඩේ. නො කොමිස්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site