IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අවුරුදු දෙකක් රැක්ක පැල පොල් වගාව වල්අලි පැය දෙකෙන් වනසයි

(සමන් කේ. ගමගේ)

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයින්ඩිකුලම , වළගම්බාහුව, මාවතවැව හා ,මහකණුමුල්ල ආදි ගම්මාන රැසකට මේ දිනවල විශාල වන අලි රංචුවක් කඩාවැදීමෙන් රාත්‍රි කාලයේ ගොවිබිම් වනසන බව ගොවීහු පවසති.

වසර දෙකක් තිස්සේ නියගයෙන් පවා ආරක්ෂා කරගත් අක්කර තුනක පොල් වගාව පැය දෙකකින් සම්පූර්ණයෙන්ම වල්අලි විනාශ කළ බව ද ඔවුහු පවසති.

වනඅලි ගම්වැදීමෙන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙම ප්‍රදේශය ආවරණය කොට ඉදිකර ඇති ආරක්ෂිත විදුලි වැට නිසියාකාරව සක්‍රීය නොවීම නිසා මෙලෙස වන අලි රාත්‍රි කාලයේ ගම්වදින බවද ගොවීහු කියති.

දැඩි නියං තත්ත්වයං තුළ දී වුවද රැකගත් පොල්, කොස්,කෙසෙල්, අඹ වගාවන්ට වන අලි සිදු කරන හානි ඉවසා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ද ගොවීන් කියයි.

ඉකුත් 20 වනදා රාත්‍රියේ පයින්ඩිකුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකුගේ පොල් ගස් 110ක් වනඅලි රංචුව විසින් පැයක් ඇතුලත විනාශ කර දමා ඇත.

 



අදහස් (8)

අවුරුදු දෙකක් රැක්ක පැල පොල් වගාව වල්අලි පැය දෙකෙන් වනසයි

පිටිගල මිලානෝ Sunday, 21 November 2021 12:13 PM

අලින්ගේ නිජබිම් ටිකෙන්ටික හෙමිහිට මිනිස්සු අල්ලාගන්නකොට මීට වඩා මොනවා වෙන්නද..?

:       4       9

පැරකුම්Sunday, 21 November 2021 02:45 PM

ඉතාලියේ ඉඳන් බණ කිව්වාට අපේ රටේ ප්‍රශ්න තේරෙන්නේ කොහොමද? මෙතැනදී තීරණය කළයුත්තේ අලියාද මිනිහාද කියන එක නොවේද? ප්‍රමුඛත්වය මිනිසාට වියයුතු නොවේද? එසේ නම් කළයුත්තේ අලි ගහනය පාලනය කිරීමයි. ඒ සඳහා භාවිතා කළ හැකි විද්‍යාත්මක ක්‍රමවේද ඇත. අවාසනාවට අපේ බලධාරීන් ඒ ගැන නොදනී... දන්න කෙනෙක් කිව්වාට අහන්නෙත් නැත. මොනවා කරන්නද?

:       3       2

පැරකුම් Sunday, 21 November 2021 12:14 PM

අපි මේ කියන්නේ අත් දැකීමෙන්... අපේ පැල පොල් වගාව අලින්ගෙන් බේරගන්න වන ජීවියෙන් අපට දුන්නු උපදෙස් පිළිපැදලා අපි වගාව රැකගත්තා. දැන් බරට බරේ පොල් වලු පිරිලා... හැබැයි ඒ උපදෙස් පිළිපදිනකොට කොමිස් ගහන්න බෑ... ඒකයි වෙනස අපේ මහවැලියේ පොල් වගාව බලන්න එන අය පුදුම වෙනවා ඒක බලලා... අද අපේ රටේ කොමිස් නැතුව කිසි දෙයක් සිද්ද වෙන්නේ නෑ. ඕක තමයි ඇත්ත කතාව. වන ජීවියත් ඕවා කියා නොදෙන්නේ මොන හේතුවක් නිසාද කියන එකත් ඔබම හිතා බලන්න...

:       0       2

HemaSunday, 21 November 2021 02:35 PM

ක්‍රමය කියන්න බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.

:       0       2

ravin Sunday, 21 November 2021 12:56 PM

ඉස්සෙල්ලාම වනය විනාශ කරන දේශපාලකයින් හා ඔවුන්ගේ හෙංචයියන් රැළ ගාල්කළොත් අලි, මිනිස් ගැටුමේ කෙළවරක් දැකිය හැකිවේ..

:       0       8

kamal Sunday, 21 November 2021 05:12 PM

මේ ගොවියන්ගෙන් කී දෙනෙක් අබලන් වූ අලිවැට හදන්න එයිද? ශ්‍රමදානෙකට කතා කළොත්...?

:       0       0

Lalith M Monday, 22 November 2021 07:06 AM

අලිනම් මොකද. අපි ගම්පහ. අපේ කිසිම දෙයක් ඉත්තෑවුන්ගෙන් බේරගන්න බැහැ. මේ රටේ අයිතිය දේශපාලුවන්ටයි වනසතුන්ටයි දීල මහජනතාවට රට හැර යන්න වෙලා....

:       0       0

wahaldeepe Monday, 22 November 2021 03:48 PM

දේශපාඵ හෙන්චයියන්ට ලැබුණු කැලෑ ඉඩම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site