
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බව ට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩලය , රාජ්‍ය අමාත්‍යවරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතියට පටහැනිව කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම තුළින් තමාගේත් , ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන ලෙසත් , අමාත්‍ය මණ්ඩලය ක්‍රියාකාරීත්වය වළකාලන අතුරු නියෝගක්ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි.ජාතික ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නෙකි.
පසුගිය ජූලි 07 වැනිදායින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 වගන්තිය උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා විසින් නියමිත ප්‍රමාණය ඉක්මවා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය සදහා පත් කළ හැකි අමාත්‍යවරු සංඛ්‍යාව උපරිමය 30 ක් වේ.එම විධි විධාන උල්ලංඝනය කරමින් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරයත් , මහින්ද රාජපක්ෂ මහතාට සැලසුම් අමාත්‍ය ධූරයත් ඉකුත්දා පිරිනැමූහ.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ හැක්කේ 42 ක් පමණකි.එම ප්‍රතිපාදන වලට පටහැනිව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , දිලුම් අමුණුගම , චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ( කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව ) යන මහත්ම මහත්මීන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමෙන් රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 44 දක්වා වැඩි වී තිබේ.ඒ අනුව නීතීයේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවනි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීමට විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවට පමුණුව වන ලෙසද , අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , ව්‍යවස්ථාවට පටහැනි පත් කර ඇති කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍ය ධූරයන්හී කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති ආකාරයට එරෙහිව පෙත්සමක්