IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අපේක්ෂකයන්ගේ-පක්ෂවල ස්ටිකර් පෞද්ගලික වාහනවලින් ගලවා ඉවත්කරන්න

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)​

මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන ආකාරයට පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් වහාම ගලවා ඉවත් කිරීමට ක්‍රියාකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෞද්ගලික වාහනවල පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් හෝ බැනර් ප්‍රදර්ශනය කරන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇති බවද, එලෙසින් ස්ටිකර් අලවා තිබීම, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බවද දේශප්‍රිය මහතා කියාසිටී.

එම ස්ටිකර් ගලවා ඉවත්කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක් ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද පොලිස් ස්ථානාධිපතිවරුන්ද වෙතද අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද ඒ මහතා පවසයි.



අදහස් (6)

අපේක්ෂකයන්ගේ-පක්ෂවල ස්ටිකර් පෞද්ගලික වාහනවලින් ගලවා ඉවත්කරන්න

සමිත සේනක අලුත්ගමගේ Thursday, 09 July 2020 10:09 AM

මැතිවරණ කොමිෂම මෙසේ ප්‍රකාශ නිකුත්කොට සිටීමෙන් කුමන ඵලයක්ද? එය හරි හැටි ක්‍රියාත්මක කරවීමට පොලිසියට නියෝග නිකුත් කිරීමේ බලය මේ ඡන්ද කාලයේ මැතිවරණ කොමිසමට තිබෙනවා නොවේද? පොලිසිය හුරතල් නොකොට නිසි පරිදි මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතුයි නේද?

:       0       121

Ruhunu Thursday, 09 July 2020 10:25 AM

රූප දාලා මොන දේ ලිව්වත් වැඩක් නැහැ. පරණ මරණ දැන්වීම් ටික තමයි හැමදාමත් බලන්න වෙන්නේ.

:       0       14

Bandara Thursday, 09 July 2020 12:50 PM

මැතිවරණ කොමිසමේ වටිනාකම දැන් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. අපේක්ෂකයා තමන් හොඳට දන්න.., තමන්ගේ කොට්ඨාශයට වැඩක් කරපු කෙනෙක් නම්, මිනිස්සුන්ට අලුතෙන් සල්ලි වියදම් කරලා කියන්න ඕනේ නෑ. ගෙදරට ලිස්ට් එක එනවනේ අංකේ බලාගන්න.

:       0       0

sam Thursday, 09 July 2020 02:58 PM

නීතියනම් හොඳයි.. ඒත් අපේ ඡන්ද ක්‍රමයට අනුව ඡන්දය ඉල්ලන්නේ මුහුණ දැක්මෙන් තමයි ඔවුන්ව දැනගන්නේ. පෝස්ටර් ගහන්න දෙන්න එපා.. එහෙත් තමන්ගේ කාර්යාලවල හෝ ආධාරකරුවන්ගේ වාහනවල සහ ගෙවල්වල පින්තූර එල්ලුවට පරිසර හානියක් වෙන්නේ නැහැ නේද? සාධාරණව හිතලා නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       0

isuru Thursday, 09 July 2020 03:58 PM

පොහොට්ටුවේ හැර අනිකුත් සියල්ල ගලවා ඉවත් කරන්නද?

:       0       0

kamil Thursday, 09 July 2020 04:00 PM

පොහොට්ටුවට මේ නීතිය වලංගු නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 602 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site