IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අනතුරක් වළක්වා නොගත්තැයි නීතිඥවරිය රිමාන්ඩ්

(ටෝනි කරුණානායක)

කොටදෙණියාව මැල්ලවගෙදර  - පන්නල මාර්ගයේදී වූ අනතුරකින් යතුරු පැදිකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ නීතිඥවරියක ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ‍  මිසිකා රොසෙල් නිශ්ශංක නැමැති නීතිඥවරියෙකි.

මෙම අනතුරින් තුවාල ලැබූ දලුපත්ගෙදර මැල්ලවගෙදර පදිංචිව සිටි කේ.කේ. ජේමිස් අප්පුහාමි නමැත්තා කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ කීය .

සැකකාරිය නීතිඥවරියක් හෙයින් ඇපමත මුදා හරින ලෙසට නීතිඥ කණ්ඩායමක් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද සැකකාර රියදුරුවරිය 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

 



අදහස් (9)

අනතුරක් වළක්වා නොගත්තැයි නීතිඥවරිය රිමාන්ඩ්

damith Friday, 19 November 2021 01:55 PM

සැකකාරිය නීතිඥවරියක් හෙයින් කියල දෙයක් නීති පොතේ තියෙනවාද

:       0       25

RaveendraFriday, 19 November 2021 05:10 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. හොඳින් නිරීක්ෂණය කරන්න මේ අය කොතරම් පහත් මුග්ධයින්ද කියනවා නම් ගම් කබරයින් කණ්ඩායමක් එසේ ඉල්ලා සිටින්නේ...

:       0       1

ravin Friday, 19 November 2021 02:08 PM

නීතිඥවරුන්ට වෙනම නීතියක්ද?

:       0       23

beau Friday, 19 November 2021 02:27 PM

බොහොම හොඳයි .මහා පාරේ රේස් යන ඔලුව උදුම්ම ගත ක්‍රීඩකයින් ,නළු නිලියන් සහ ප්‍රභූවරුන්ටත් මේ වගේම සැලකිය යුතුය

:       0       5

Ruhunu Friday, 19 November 2021 03:04 PM

නීතිඥවරු කොහෙන් ඉපදිච්ච අයද දන් නෑ

:       0       6

Bass Friday, 19 November 2021 03:27 PM

සංජීව හෙට්ටිආරච්චි -නීතිඥවරයා වරක් බීමතින් ගිහින් රෑ මිනුවන්ගොඩ වාහන 5ක් 6 ක් හැප්පුවා කියලා මම අහලා තියනවා

:       6       5

නිශාන්ත සමන් කුමාරFriday, 19 November 2021 04:56 PM

සංජීව හෙට්ටිආරච්චි යනු ඉතාම ගෞරවනීය නීතීඥ මහතෙකු වන අතර සියලු දුසිරිතෙන් තොර වූ මිත්‍රයෙකි. එතුමා තම රාජකාරිය අකුරටම ඉටුකරන අයකු වන අතර මේ අවස්ථාවේදීද යුක්තිය ඉටුකරවූ බව මනාව පෙනීයයි. මෙවැනි දේ හෙලා දැකිය යුතුය.

:       0       1

ගමේ එකාලා Friday, 19 November 2021 03:51 PM

නීතිවේදීන්ට වෙනම නීතියක් ද. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි ගැන කියලා වැඩක් නැහැ.පුද්ගලයාගේ, තරාතිරම ,වත්පොහොසත්කම ඔක්කොම නීතියට යටයි .කියන්නෙනම් නීතිය කාටත් පොදුයි කියලා?

:       0       5

කල්පනා Friday, 19 November 2021 07:28 PM

ඉදිරියේ ගාඩ් එකක් ඇතිව රියදුරෙකු පදවන රථයක යන කෙනෙක් හැර බොහෝ දෙනෙක් දන්නවා යතුරුපැදි කරුවන් සහ ත්‍රීවීලර් රියදුරන් යන්නේ කොහොමද කියලා... ඇත්තටම ස්ථානීය පරීක්ෂණයක් කළොත් සත්‍ය සොයාගත හැකියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site