
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පොලිස් අත්අඩංගුවේ සිටියදී සමරිසි ප්‍රජාවට සිදුවන හිරිහැර අපහාස වලට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් දස දෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් ලබන 30 වැනිදා කරුණු තහවුරු කිරීම සදහා කැදවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
තවද සමරිසි ප්‍රජාව පහත් මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සලකමින් ඔවුන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට වැඩමුළු පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , තමාරා අන්ද්‍රීස් , ගෞරි පොන්නයියා , රෝසා රොඩ්රි ,චන්ද්‍ර කටුගහ , කල්පන නුවන්ගේ ඇතුලු දසදෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
2020 -2021 අතර වසරක කාලය තුළ සිදු කළ දීපව්‍යාප්ත සමීක්ෂණයකදි ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් සමරිසි ප්‍රජාව සියයට 14 ක් බව හෙළි වී ඇත.ඒ අනුව මුළු ජනගහනයෙන් 1 ,469,574 සඛ්‍යාවක් සමරිසි ප්‍රජාවේ සිටින බව පෙත්සම්කරුවෝ කියති.
ඔවූහු වයස අවුරුදු 18 ත් - 65ත් අතර වයස් කාණ්ඩ වලට අයත් වූවෝ වෙති.ඔවුන්ට එදිනෙදා ජීවිතය ගත කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට , සහ සමාජ ආසාධාරණයන්ට ලක් වීමට සිදු වේ.තවද සමාන්‍ය ජනතාවගෙන්ද ඔවුන්ට ජීවිත තර්ජන එල්ල වී තිබේ.
2018 පොලිස් වාර්තා අනුව සම ලිංගිකයන් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා තිබේ.
2016 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයේදී කිසිදු හේතුවක් නොමැතිව පොලිසීය විසින් සමරිසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ හිරිහැර සිදු කර ඇති අතර පොලිස් අත්අඩංගුවේදී ඔවුන් දූෂණයට පවා ලක් වී තිබේ.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමරිසි ප්‍රජාව පිළිබදව මහජනතාව නොදැනුවත් වීම සහ වැරදි සහගත සමාජ මතවාදයන්ය.
දෙවැනි වගඋත්තරකාර මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මිය මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වා තිබේ.එම වැඩමුළුවේදී ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වාසය කරන සමරිසි ප්‍රජාව විලෝපිකයින් පිරිසක් බවත් , එබැවින් තමන්ගේ දරුවන් ඔවුන්ගේ ගොදුරු බවට පත් නොකිරීමට වගබලා ලෙස පැමිණි සිටි පිරිසගෙන් ඉල්ලා ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබී තිබේ.මෙම මනෝ විද්‍යා උපදේශකවරිය වැඩිදුරටත් කියා ඇත්තේ සමලිංගිකත්වය සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මකව නින්දා සහගත හා පිළිකුල් ක්‍රියාවක් බවත් , සමලිංගික සම්න්ධතාවය ස්වභාව දහමට පටහැනි බවත්ය.
මේ දේශන අඩංගු වීඩියෝ පටය යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹිය හැක.මෙම මනෝ විද්‍යා උපදේශකවරියගේ දේශනය හේතුවෙන් පොලිස් ප්‍රජාවට සමරිසියන්ට එරෙහිව කටයුතු කිරීමට උනන්දු කිරීමක් සිදු වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් ප්රකාශිතව මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වේ.
ඒබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම වැඩමුළු පැවැත්වීම වලඛ්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
248
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත්අඩංගුවේ සිටියදී සමරිසි පුද්ගලයින්ට වන හිරිහැර වලට එරෙහිව