පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයා 22 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම හරහා පෝස්ට් පළ කර තිබේ.
පිටිගල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) පිටිගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(28535)
මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කර ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සා
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සංචාරකයින්ට ‘ඊ වීසා’ නිකුත් කිරීම අද (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 19 February 2019 10:17 AM
පොලිසියට තිබෙන ජනතා කැමැත්ත අනුව පොස්ට් පලවෙනවා. ඒවා බලෙන් නැවැත්තුවත් මිනිසුන්ගේ සිත්වල තිබෙනවා. පොලිස් රිපෝට් එකක් ඉල්ලුවාම ගෙදරට පැමිණි පොලිස්කාරය ආවේ එයාගේ මෝටර්සයිකලයෙන් කියා පැටරෝල් වියදමට කියා රුපියල් 500 ගත්තා. තව මොනවද කතා. රුපියල් 500 කට ඔහුගේ නිලයට හානියක් කරන්නට අපිට උවමනා නැත.
de silva Tuesday, 19 February 2019 12:40 PM
පොලිසියට බැන්න තරුණයා අත්අඩංගුවට. පොලිසියට ගැහුව මන්ත්‍රීට ඇප ඔහොම තමා අපේ පොලිසියේ වැඩ
Nihal Tuesday, 19 February 2019 12:56 PM
ඕක මොකද්ද? මුළු රටම එකිනෙකාට බැනගන්න එකනේ කරන්නේ.
චන්ද්‍රකාන්ති Tuesday, 19 February 2019 12:59 PM
හොඳවැඩේ
පාල ගාල්ලගේ Tuesday, 19 February 2019 02:33 PM
පොලිසි වලින් මොන වැරදි කළත් ඒවා කියන්න එපා. හරි නැහැනෙ. ශ්‍රීලංකා පොලිසිය වැරදි කරන්නෙම නැහැ හොදේ
Nuwan Tuesday, 19 February 2019 03:27 PM
මොහු කල දේ හරි කියනවා නෙමේ, නමුත් සමහර මන්ත්‍රීවරු පොලිසියේ කනට ගහනකොට ,පාර්ලිමේන්තුවේ දී පුටුවෙන් ගහලා මිරිස්ගහන කොට ඔය විදියට නිතිය ක්‍රියාත්මක කරගන්න බැරිවුනා නේද, මේක තමයි අපි කියන්නේ මේ රටේ සාමාන්‍ය මිනිහටත් දේශපාලකයින්ටත් නීති දෙකක් තියනවා කියලා, එවැනි රටකට මොන අනාගතයක්ද
chandima Tuesday, 19 February 2019 05:50 PM
අපරාදේ ෆේස් බුක් එකේ ඔව්වා ලිව්වේ. පාන්දරම ගිහින් කැලෑ පත්තර ටිකක් ගැහැව්වනම් අහුවෙන්නේ නැහැ. දෙකෙන්ම වෙන්නේ ඔය වැඩේ. එහෙමත් නැතිනම් බැම්මක් උඩ නැගලා ඔය ටික කියාගෙන බැනගෙන බැනගෙන ගියානම්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කතා කිරීමේ නිදහස වගේ දේවල් උනත් භුක්තිවින්දා කියන්න තිබුනා.
Jehaan Tuesday, 19 February 2019 11:06 PM
දැන් මේවාට හුම් කියන පාඨක සභාවේ උදවියවත් උස්සන්න බැරි කමක් නැහැ .
sg Wednesday, 20 February 2019 01:57 AM
සුනඛයන්ට වඩා අන්ත මිනිස්සු ඔය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා
BamunuarachchiWednesday, 20 February 2019 05:40 AM
මිනිසුන් සුනඛයින් වෙන තැනක්
asdfg Wednesday, 20 February 2019 06:24 AM
ජනතා පරමාධිපත්‍ය ලු නීති හදන පාර්ලිමේන්තුවේ ඉන්න අයට බනින්න, විවේචනය කරන්න, මුණු පොතේ විහිලු කරන්න මඩ හන්න, ඕන දෙයක් කරන්න පුළුවන්, ඒ ....... නිතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගැන කතා කිරීමට, ජනතා පරමදිපත්යට බැහැ ලු