IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක්

( පැතුම් දර්ශන)

 
 
හොරොව්පොතාන  ප්‍රාදේශීය සභාවේ අද  (30) පැවැති සභා රැස්වීමේදී  2019 මුදල් කමිටුව පත් කර ගැනීට යාමේදී  ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය.
 
ඇති වු  ගැටුම්කාරී තත්ත්වය සමඟ  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියකගෙ  දකුණු අතට ද කැපුම් තුවාල සිදු විය.
 
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ පැවැත්විණි.
 
 එහිදී මුල්ම යෝජනාව බවට පත්වූයේ 2019 වසර සඳහා වූ මුදල් කමිටුව පත්කර ගැනීමය.ඒ සඳහා සභාපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් කණ්ඩායමක් යෝජනා කළ අතර විපක්ෂයෙන් ද තවත් කණ්ඩායමක් යෝජනා කළේය.
 
 
ඒ අනුව ඡන්දයක් පැවැත්විය යුතු බවට සභාපතිවරයා විසින් තීරණය කළ අතර එහිදී පළමුවෙන්ම ඡන්ද විමසනු ලැබුවේ විපක්ෂය විසින් යෝජනා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ය. ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්ද නමයක් ලැබුන අතර විපක්ෂව ලැබුණේ ඡන්ද හතක් පමණි. 
 
 
එහිදී ස්වාධීන කණ්ඩායම් නායක බණ්ඩාරවෙල සංඝානන්ද හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අශෝකා අයිරාංගනී මන්ත්‍රීවරිය සහ පොදුජන පෙරමුනේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ස්වාධීන වීම විශේෂත්වයකි.
 
මෙතෙක් කල් ආණ්ඩු පක්ෂය සමග එක්ව කටයුතු කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සහ උප සභාපති ආර්. ජයතිස්ස සහ තරංග කුමාරසිංහ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ යෝජනාවට පක්ෂව ඡන්ද ලබාදීම ද තවත් විශේෂත්වයකි.
 
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කළ ඡන්ද විමසීමේ දී තමන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පරාජය වූ බව දැනගත් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා සභා රැස්වීම පැයකට කල්තබා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙවර සභා වාරයට සහභාගී විය නොහැකි බව  ලිපියකින් දන්වා සිටී.
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක වන එම්. මල්ලිකා මහත්මිය සභාපතිවරයාගේ නිල රථයෙන් ඇගෙ නිවසෙ සිට සභාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
 
හූ කියමින් කෑ ගසමින් ශාලාවේ මේස වලට ගසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය.
 
විපක්ෂයේ දැඩි හූ හඬ මධ්‍යයේ පැයකට පසුව යළි සභා රැස්වීම ආරම්භ කළ සභාපතිවරයා මුදල් කමිටුවට  තමන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහා ඡන්ද විමසීමක් සිදු කළේය.
 
 හූ හඬ සහ කෑගැසීම් මැද සිදු වූ එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද දහයක් සහ විපක්ෂව ඡන්ද නවයක් ලැබිණි. පෙර ඡන්ද විමසීමේදී ස්වාධීනව සිටි බණ්ඩාරවෙල සංඝානන්ද හිමියන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අශෝක අයිරාංගනී මන්ත්‍රීවරිය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර පොදුජන පෙරමුණේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සභාගැබෙන් පිටව ගියහ.
 
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා දක්වමින් පැවසුවේ අසනීප තත්වයෙන් සිට පසුව පැමිණි මන්ත්‍රීවරියට මුදල් කමිටුව සම්බන්ධයෙන් ඡන්දය ලබා දිය නොහැකි බවය. මන්ත්‍රීවරිය පැමිණෙන විටත් මුදල් කමිටු යෝජනාව සභාවට ඉදිරිපත් කර එක් ඡන්ද විමසීමක් සිදු කර අවසන් වී ඇති බැවින් ඇයට ඒ සඳහා ඡන්දය ලබා දිය නොහැකි බව පවසමින් ඔවුහු විරෝධතා දැක් විය.
 
කෙසේ වෙතත් මෙම සිදුවීම සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ උප සභාපති ජයතිස්ස මහතා කෑගසමින් හූ කියමින් දැඩි විරෝධතාවය දැක්වූ අතර උප සභාපති ආර් ජයතිස්ස මහතා රැස්වීම් ශාලාවේ මේසය මත තිබූ වීදුරුවලට සහ ජල බඳුන් වලට අතින් ගසා බිම දැමීය.

 

 



අදහස් (0)

හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 43 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 23 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 111 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1714 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 501 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 602 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site