(මනෝප්රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 6 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් අද(29) නියම කළේය.
විත්තිකාර කාන්තාවට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඇයට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි ප්රැට්ටික් ඩේවිඩ් ග්‍රේස් මේරී නමැති 35 හැවිරිදි එක්දරු මවකටය.
2012 ඔක්තෝබර් මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6.33 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහතාට ලැබුණු තොරතුරුකට අනුව රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඒ අවස්ථාවේදී ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 81.05 ක් මෙන්ම හෙරොයින අලෙවි කිරීමේන් උපයාගත් රුපියල් 1,88,000ක මුදලක්ද තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
විත්තිකාරිය සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 81.05 සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයකළ පරීක්ෂණයකදී එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 06.33 ක් ඇතැයි හෙළි වූ බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
හෙරොයින් ජාවාරම් කිරීම හා හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කළ විනිසුරුවරයා ඇයට ජවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට
Manjula Tuesday, 29 October 2019 10:56 AM
හරි ලොකු වැඩක් කරලා වගේ... දඬුවම සැර වැඩියි.
උපුල Tuesday, 29 October 2019 03:35 PM
කිලෝ ගණන් ගෙනල්ලා අල්ලන අය එළියේ. දරුවෙක් ඉන්න මව ජීවිතාන්තය දක්වා හිරේ. ග්‍රෑම් 6 යි.