IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් ගිල පැමිණි පකිස්තානු යුවළ රේගුවේදී අත්අඩංගුවට


( ටී.කේ.ජී.කපිල)
 
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ඒවා ගිල  ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.


 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  67 හැවිරිදි කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.


පාකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වල මගීන් සහ භාණ්ඩ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදු වන නිසා ඔවුන් මග හැරීම ට  පාකිස්තානයේ ලාහෝර් සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


 එහිදී අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා හෙරොයින් ගුලි ගිල දමා පැමිණ ඇති බැව් අනාවරණය කර ගත් පසු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

 

ඉන්පසු රෝහල් වෛද්‍යවරුන් විසින් මොවුන් දෙදෙනාට විරේක බෙහෙත් ලබා දෙමින් ඔවුන් ගිල දමා ඇති හෙරොයින් ගුලි එළියට ගෙන ඇතැයි පොලීසිය පවසයි.


කාන්තාව විසින් ගිල දමා සිටි හෙරොයින් ගුලි 35 ක් එළියට එළියට ගෙන ඇති අතර  එම ගුලි තුළ රුපියල් ලක්ෂ 42 ක් වටිනා  හෙරොයින් ග්‍රෑම් 350 ක් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .


මෙම කාන්තාව මීට පෙර 06 වතාවක් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති අතර ,  පිරිමි පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමු වතාවටය .
 
 

 



අදහස් (4)

හෙරොයින් ගිල පැමිණි පකිස්තානු යුවළ රේගුවේදී අත්අඩංගුවට

Nuwan Friday, 26 October 2018 05:35 AM

සාමයේ දුතයෝ සාමයේ පණිවිඩය බෙදන්න ආපු ගමනක් ඕක!

:       19       105

saman Friday, 26 October 2018 09:46 AM

පොතේ ලියල තියෙන්නේ පාවිච්චි කරන්න එපා කියලලු නමුත් විකුණන්න තහනම් නැහැලු.

:       8       13

dias Friday, 26 October 2018 10:38 AM

අවම වශයෙන් මේ හෙරොයින් එළියට ගත් ආකාරය ගැන සලකා, ලංකාවේ තරුණයින් හෙරොයින් භාවිතයෙන් වැළකී සිටියි යැයි සිතමි...

:       0       11

chathuri Friday, 26 October 2018 02:07 PM

මේ ගුලි එළියට ගන්නේ නැතිව බඩ ඇතුලේම විනාශකර දමලා ඔවුන්ගේ රටට පිටත්කර හරින්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 21 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 90 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 463 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 22 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 178 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 165 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site