IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 18 ක දඩයක්

(ජයන්ත සමරකෝන්)

වසර 30 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් බවට වරද පිළිගත් ත්‍රිකුණාමලය චීන වරාය ඉදිරිපිට හෝටලයක හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැටලීම් ඒකකය පවසයි.

එල්ටීටීඊ සමයේ සිටම මෙම හෝටලයට ප්‍රධාන ජල සම්බන්ධතාවය හරහා අමතර සම්බන්ධතාවයක් මගින් මෙම ජල සොරකම කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් අද  පැවසීය.

ත්‍රිකුණාමලය ජල සම්පාදන මණ්ඩල ප්‍රාදේශීය කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවද එම ප්‍රකාශකයා කීය.

මෙහිදී හෝටල් හිමිකරුට නීත්‍යානුකූල ජල සම්බන්ධතාවයක් ලබාදීමට පියවර ගත් බවද මණ්ඩලය සඳහන් කළේය.

 



අදහස් (4)

හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 18 ක දඩයක්

Nandalal DE SILVA - France Thursday, 05 March 2020 06:48 PM

හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 18ක දඩයක් කියන්නේ ඉතාම සිල්ලර දඩයක් නොවේද? මම ගණිතයට එතරම් දක්ෂ නැති වුණත් මගේ ගණන්කිරීමේ හැටියට එම දඩය මසකට රුපියල් 5000 වෙයි. මම වැරදි නම් කියන්න. වසර 30ක් තිස්සේ, මේ මනුස්සයා පාවිච්චි කරපු ජල ප්‍රමාණය ලීටර් ලක්ෂ කීයක්ද, නැත්නම් ඝන මීටර් කීයක්ද කියා ගණන් බැලුවාද, මේ පොඩි දඩය නියම කිරීමට පෙර ? ඔහුගේ හෝටලයට මේ ඇති විශාල ජල කඳ මගින් ලැබුණු ආදායම ලක්ෂ කීයක් වෙනවද? මීට වඩා දැඩි දඬුවමක් ඔහුට නොදීමට අදිසි හස්තයක් පිහිට වුණා කියා මගේ ආච්චි කියනවා. මෙයට මන්ත්‍රී කෙනෙක් හෝ වෙන ඇමතිකෙනෙක් හෝ තල්ලුවක් දෙන්න ඇත කියා සීයාගේ අදහසයි. මේකට තමා සකල සිරින් පිරි සිරි ලංකාවේ "අවනීතිය" කියන්නේ...!!!

:       1       66

MD Friday, 06 March 2020 02:52 AM

ජල සම්පාදන නිලධාරීන් මෙතරම් කාලයක් මෙය නොදැන හිටියා වෙන්න බැහැ.

:       0       36

Hafeel Friday, 06 March 2020 05:55 AM

නිලධාරීන්ගේ දුර්වලකම් සහ නිසා මේ අපරාධය වෙලා තියන්නේ... නමුත් මණ්ඩලය පාඩු ලබනවා කියලා බිල වැඩිකරමින් ජනතාවට බර පටවනවා. බ්ලැක් ලිස්ට් කරන්න නැතුව, නැවතත් නීත්‍යානුකූල ජල සම්බන්ධතාවයක් ලබාදීලලු. මොන විහිළුවක්ද මේක...?

:       0       1

mahinda Friday, 06 March 2020 05:10 AM

අපිට හොරෙනුත් නැහැ... නීතියටත් නැහැ... ඉස්සර නම් කියන්නේ ජනතාවට වතුර ටිකවත් දෙන්න බැරි ආණ්ඩුව කියලා දැනුත් ඒ ආණ්ඩුවමයි අපරාදේ ඡන්දෙට වියදම් කරන සල්ලි...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 266 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 770 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1998 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2231 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 661 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 286 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site