IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ලංකාවට ආ සිරියානු පවුලක් ආපසු මව්රටටම

(ටී.කේ.ජී.කපිල)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් අද (20) අත්අඩංගුවට ගෙන ඔවුන් ආ ගුවන් යානයෙන්ම ආපසු පිටත් කර යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.

මෙම පවුලේ පියා 29 හැවිරිදි දන්ත වෛද්‍යවරයෙකි. මව 28 හැවිරිදි වියේ පසුවන්නීය.

ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණි ඔවුන්, තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔවුන් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සැක සිතී ඔවුන් සමඟ එම ලියකියවිලි ද ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

තවදුරටත් මේ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කර බැලීමේ දී, ඒවා තුළ ඔවුන්ගේ සැබෑ සිරියානු ගුවන් ගමන් බලපත්‍ර තුන තිබී හමු වී ඇත.         



අදහස් (7)

හොරෙන් ලංකාවට ආ සිරියානු පවුලක් ආපසු මව්රටටම

අතුල සයෞදි අරාබිය. Sunday, 20 October 2019 08:49 AM

මේ දවස්වල කුර්දිෂ් සටන්කාමීන් ඉලක්ක කරගෙන තුර්කි හමුදාව විසින් උතුරු සිරියානු දේශසීමාවේ දරුණු ගැටුම් වලින් සිරියානු සිවිල් වැසියන් සිය ගණන් මරුමුවට පත්වෙලා. දහස් ගණනකගේ උන්හිටි තැන් අහිමිවෙලා. අද සිරියාව කියන්නේ සම්පූර්ණයෙන්ම යුද පිටියක්... මම හිතන්නේ මේ පවුලත් ජීවිත ආරක්ෂාව පතා, යුද අනාථයන් වශයෙන් කොහේ හෝ රැකවරණයක් බලාපොරොත්තුවක් ඇතිව ආපු ගමනක් බවයි මගේ හැඟීම... මේ ප්‍රශ්නය තව මීට වඩා මානුෂිකව හිතන්න තිබ්බා...

:       476       131

DilanSunday, 20 October 2019 09:35 AM

සරණාගතයන් ලෙස යුරෝපයට සංක්‍රමණය වූ අය එම රටවල් වල ත්‍රස්තවාදී වැඩ කරනවා. අපි කොහොමද මොවුන් විශ්වාස කරන්නේ? ශ්‍රී ලංකාව සරණාගතයන් භාර ගැනීම කිසිසේත් නොකළ යුතු දෙයක්. අනුකම්පාව දැක්වීම නැති ප්‍රශ්න ඇති කරගැනීමට හේතුවක්. අපට දැනට ඇති තරම් රටේ ප්‍රශ්ණ තියෙනවා. අපට බෝම්බ ගැහුවෙත් වෙළඳාමේ ඇවිල්ලනේ.... උපන් රටේ ජිවත් වෙන්න බැරිව මරාගන්න අයට කොහේ ගියත් බෑ.

:       59       232

raviSunday, 20 October 2019 10:27 AM

අතුල, ඔයා මේ ලියපු වචන ටිකට හුඟක් ස්තුතියි. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපි ඔයා වගේ "මනුස්සයින්" ගැන හුඟක් ආඩම්බරයි..!!!

:       72       78

nimal Sunday, 20 October 2019 09:00 AM

දැනට ඔයවගේ ආපු ගොඩක් ලංකාවේ ඉන්නවා. එලවන එක බොරු...

:       27       85

charith Sunday, 20 October 2019 09:28 AM

මුලු ලෝකයේම මුස්ලිම් බවට හරවපු රටවල් ඔක්කොම දන්නව මේ රටට ඈවිල්ලා ඉඩම් කඩම් අරගෙන අවුලක් නැතිව ඉන්න පුලුවන් කියලා. ඒක අපේ දේශපාලනය විසින් කරන දෙයක්. අපිට වඩා අන්තිම දුප්පත් රටවල් වලට ඕපන් වීසා ගහන්නේ ඔන්න ඕක නිසා. මර උගුලක් මේක.

:       1       80

Aris Sunday, 20 October 2019 09:33 AM

පණ බේරාගෙන ආපු මිනිස්සුන්ට ටිකක් හොයල බලලා ඉන්න දෙන්නයි තිබුනේ.

:       111       7

Prabha Sunday, 20 October 2019 10:28 AM

ඔව් ඔව් හැමෝම ඉන්නේ මෙහෙම එල්ලගෙන තමයි.

:       1       39

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 873 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 421 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 565 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 341 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1757 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 860 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site